හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාරදෙයි!

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ LNW :

අද (17) දින කොළඹ මහාධිකරණය හමුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව අධිචෝදනා භාරදුන් අතර, ඒ, අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙනි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ, අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකළ බව වාර්තා වේ.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණි.  ඉන් අනතුරුව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද නියම වී ඇති අතර, රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...