ප්‍රංශ ජනපතිගේ බිරිද සිය ලිංගික අනන්‍යතාවය වෙනස් කරගෙනද?

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳ වන බ්‍රිජිට් මැක්‍රොන්, තමන් උපතින් පුරුෂයෙකුව සිටි බවට රාවයක් පැතිර යන බව වාර්තා වේ.

මෙම ප්‍රචාරය ගෙන ගිය අමන්ඩින් රෝයි නම් යූටියුබ් ක්‍රියාකාරිනියක්, නටාෂා රේ නම් මාධ්‍යවේදිනියකට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති අතර එම කාන්තාවන් ප්‍රකාශ කර තිබුණේ බ්‍රිජිට් මැක්‍රොන් ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග විවාහ වූ බවයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම ආරම්භ වන්නේ 2021 දෙසැම්බර් මාසයේදී, අමන්ඩින් රෝයි නම් යූටියුබ් ක්‍රියාකාරිනියක්, නටාෂා රේ නම් මාධ්‍යවේදිනියක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් සමගිනි. එහිදී නටාෂා රේ ප්‍රකාශ කළේ බ්‍රිජිට් යනු සැබවින්ම කාන්තාවක් නොවන බවත් ඇය ‘ජෝන්-මිෂෙල් ට්‍රොග්නෙක්ස්’ නම් වූ පුරුෂයෙකු බවත්ය.

මෙම චෝදනාවලට එරෙහිව බ්‍රිජිට් මැක්‍රොන් පැරිස් අධිකරණයක නඩු පැවරූ අතර, 2023 සැප්තැම්බර් මාසයේදී එම කාන්තාවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කෙරිණි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ අතර ඇති වයස් පරතරය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන මාතෘකාවක් වන අතර බ්‍රිජිට්, ජනාධිපති මැක්‍රොන්ට වඩා වසර 24කින් වැඩිමහල්ය.

1992 වසරේදී 15 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන්ට, බ්‍රිජිට් ට්‍රොනියු හමුවන විට ඇය 39 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය ඔහුගේ පාසලේ ප්‍රංශ සහ නාට්‍ය ගුරුවරිය විය. එමෙන්ම බ්‍රිජිට්ගේ දියණිය, මැක්‍රොන්ගේ පන්ති සගයෙකුද වේ. 2006 වසරේදී බ්‍රිජිට් 2006 සිය බැංකුකරුවෙකු වූ සැමියාගෙන් දික්කසාද වූ අතර, ඉන් වසරකට පසුව 2007දී ඔවුන් විවාහ විය. ඒ වන විට එමානුවෙල් මැක්‍රොන් 29 හැවිරිදි වියේ පසුවූ අතර බ්‍රිජිට්ගේ වයස අවුරුදු 54කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...