LPL තරගාවලිය කල්දමයි – ආසියානු කුසලානයත් අහිමි වන ලකුණු !

අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

තරගාවලියේ සංවිධාන කටයුතු බාරව සිටින විදෙස් සමාගම කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. අදාල සමාගම පෙන්වා දී තිබෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම ගැටලු සහගත බවයි. තරගාවලිය පැවැත්වීමට තරම් සුදුසු තත්වයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බව අදාල සමාගම පෙන්වා දී තිබෙනවා.

‌මේ අතර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන 20/20 තරගාවලියද වෙනත් රටකදී පැවැත්වීමට ඉඩ තිබෙනවා. එය බොහෝදුරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත.

අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා පැවැත්වීට නියමිත මෙම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතිය දක්වාම ප්‍රකාශ කළේ තරගාවලිය නියමිත පරිදි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...