දේශපාලනයෙදි සදාකාලික සතුරන් නෑ, රනිල් දැන් යාළුවෙක් – රෝහිත අබේගුණවර්ධන

දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් හෝ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දෙය්දී සහාය දේනනේ කාටදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පක්ෂය ගන්නා තීන්දුව සමග කොන්දේසි විරහිතව තමා සිටගන්නා බවයි.

ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්දය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඒ සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසකගෙන් විරෝධය පළවී තිබේ. ඔවුන් පවසන්නේ පක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම මහතා ඡන්දයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති බැවින් පක්ෂයෙන් පිටස්තර පුද්ගලයෙකුට ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...