පාස්පෝට් පෝලිම් අවසන් කළ ඔන්ලයින් ක්‍රමය අතිසාර්ථකයි. මසක් තුළ 30,000 කට ආසන්න අයදුම්පත් – ඇමති ටිරාන්

Date:

විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාවට නැංවුණු අතර එදින සිට ගතවූ මාසයක කාලය තුළ මේ ඔස්සේ පුද්ගලයින් 29,579ක් සිය විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අතරින් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහාත් 24,285 දෙනෙකු සාමාන්‍ය සේවය සඳහාත් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

අයදුම්කරුවන් සිය ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා  අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිසා එතෙක් බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබුණු දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

පෙර පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...