පාස්පෝට් පෝලිම් අවසන් කළ ඔන්ලයින් ක්‍රමය අතිසාර්ථකයි. මසක් තුළ 30,000 කට ආසන්න අයදුම්පත් – ඇමති ටිරාන්

Date:

විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා මෙම නව ක්‍රමවේදය ක්‍රියාවට නැංවුණු අතර එදින සිට ගතවූ මාසයක කාලය තුළ මේ ඔස්සේ පුද්ගලයින් 29,579ක් සිය විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අතරින් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහාත් 24,285 දෙනෙකු සාමාන්‍ය සේවය සඳහාත් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණු බවත් අමාත්‍යවරයා පැවසීය.

අයදුම්කරුවන් සිය ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා  අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

මෙම ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිසා එතෙක් බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබුණු දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

පෙර පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...