*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දොළහයි – හතළිස් හතයි දීගෙක -වැඩි වාසි හතළිස් හතට

ලොව රගර් කණ්ඩායම් ශ්‍රේණිගතක කිරිමේ 12 වන තැන පසුවන ජෝර්ජියාව සහ 47 වන තැන පසුවන ශ්‍රී ලංකාව අතර රගර් ක්‍රීඩාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා.ඒ අනුව ඉදිරියේදී දෙරට අතර ක්‍රීඩා සමාජ තරගාවලි සඳහා ක්‍රීඩකයින් හුවමාරුවට මෙන්ම දැණුම හුවමාරුව සහිත මානව ශක්තීන් හුවමාරුවට දෙරටේ රගර් ක්‍රීඩාවන්ට ඉඩ සැළසෙනවා.එසේම ඊට අදාළව ශ්‍රී ලංකාවට යම් යම් අනුග්‍රාහයන්ද මේ ගිවිසුමට අනුව ජොර්ජියාවෙන් ලැබෙන්නට නියමිතව තිබෙනවා.
ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග සළකා බලද්දී ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට සාපේක්ෂව බොහෝ ඉදිරියෙන් සිටින ජෝර්ජියාවසමඟ මේ ගිවිසුමට එළැඹිම සඳහා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට අවස්ථාව උදාවන්නේ ජොර්ජියාව මීට දින කිහිපයකට ඉහත ඉතාලියට එරෙහිව ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රථම පෙළ තරගයක රග්බි ජයග්‍රහණයක් වාර්තා කරන උද්දාමයද සමඟින්ය.ලකුණු 25 – 19 ක් ලෙස කළු මුහුද ආසන්න බටුමි හී ලබන මෙම ජයග්‍රහණයේ සාක්ෂිකරුවෙක්ව විඳින්නට සමත් වූ ශ්‍රී ලංකා රග්බි සභාපතිවරයා ජෝර්ජියා රග්බි සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස මෙම ඓතිහාසික අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වේ.
එම එහෙතිහාසික ගිවිසුමට ශ්‍රී ලංකාව පැත්තෙන් සභාපති රිස්ලි ඉල්ලියාස් අත්සන් තබන විට ජෝර්ජියා රග්ර් වෙනුවෙන් එම ඓතිහාසික අවස්ථාවට අත්සන් තබන්නේ ජොර්ජියා රගර් ප්‍රවීනයන්ගේ සංගමයේ සභාපති Avtandil Ghibradze ය.සභාපති Soso Tkemeladze එම අවස්ථාවට එක් නොවූ අතර ඒ නිසා මෙම ඓතිහාසික අවස්ථාවේ දී ජොර්ජියාව නියෝජනයට අවස්ථාව Avtandil Ghibradze වෙත පැවරී තිබිණ.එසේම ලෝක රග්බි ප්‍රකාශක ඩේවිඩ් සැම්සොනිඩ්සේ සහ ජෝර්ජියාවේ එස්එල්ආර් හි නියෝජිත ඩේවිඩ් කැට්සිටාඩ්ස් ද මෙම අවස්ථාවට එක් විය.
ක්‍රීඩා අමාත්‍යංශයේ දේශපාලන නයාය පත්‍රය විසින් ද,ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට පිවිසීමට මාවත සකස් කර ගත් ඇතැම් පිරිස් නිසා ද වත්මන් ශ්‍රී ලංකා රතර් ක්‍රීඩාව ස්වාධීන අනන්‍යතාවයකින් ක්‍රීඩාමය අතින් මෙන්ම ක්‍රීඩාවේ ආර්ථික ස්වාධිනත්වය සම්බන්ධ පෞරුෂයක්ද ගොඩ නැඟෙමින් සිටීම වැළක්වීමට කටයුතු කරත් වත්මන් සභාපතිවරයා විසින් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට වෙනත් රටවල අනුග්‍රහයන් දිනා ගනිමින් අලුත් ගමණකට රගර් ක්‍රීඩාවට පිවිසුම් ද්වාර සකසා ඇත.මේ තත්ත්වයට එරෙහිව යම් යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයන් හරහා බලය අපේක්ෂා කරන පිරිස් ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලන සහයත්,ව්‍යාපාරික සහයත් ඇතිව ශ්‍රී ලංකා රගර් හී පරිපාලන ව්‍යහුය වෙනස් කිරීමට දරණ උත්සාහය මේ වන විට නීතිමය වශයෙන් සුරක්ෂිත කරගෙන සිටින ශ්‍රී ලංකා රගර් රට තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සිර කර තැබීමට යම් යම් න්‍යාය පත්‍ර සැකසෙමින් තිබෙද්දී ජොර්ජියාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිම ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ අනාගත හැඩය ජයග්‍රාහී මාවතකට කැඳවන්නට අපූරු සහයෝගයක් වනු ඇතැයි සිතිය හැකිය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා කර ප්‍රකාශයේ දැක්වෙන්නේ ජූලි 15 වන දින සිඳු වූ මෙම ගිවිසුම අත්සන් තැබීම සඳහා තමන්ට ආරාධනා කිරීම ගැන ජේර්ජියා රගර් සභාපති Soso Tkemaladze මහතාට මෙන්ම ඊට අවශ්‍යය සහය ලබා දුන් ජෝර්ජියා රජයට ද ස්තූතිවන්ත වන බවය.එසේම ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ රගර් ප්‍රබෝධය ඇති කිරීම පිණිස මෙම ගිවිසුම ප1යෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රගර් පවුල හක්තිමත්ව එකා වන්ව කටයුතු කිරීම වැදගත් බවය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan