*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අපේක්ෂත්වයෙන් ඉවත් වෙන්න ජවිපෙ නායක අනුරගෙන් කොන්දේසියක් (VIDEO)

ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේ අපේක්ෂකත්වය ඉවත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කොන්දේසි පනවා තිබේ.

“අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරය සඳහා යම් අනාගත බල ව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් තෝරා පත්කර ගෙන, පාර්ලිමේන්තුවේ සියලු දෙනා නියෝජනය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මාස කිහිපයක් ඇතුළත රට යළි යථාවත් කරලා, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට නව ජනවරමක් ලබාදීම සඳහා මැතිවරණයක් පැවැත්වීම තමයි යෝග්‍යයම විසඳුම කියන එක තමයි අපේ ස්ථාවරය. අපි තවමත් ඒ ස්ථාවරයේ ඉඳන් කටයුතු කරනවා. අනාගත බල ව්‍යාපෘතියක් නොවෙන දෙන්නෙක් ඉදිරිපත් වෙනවා නම්, තෝරා ගන්නවා නම් එළඹෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි සම්බන්ධ වෙන්නත් සූදානම්. එහෙම නම් අපි අපේක්ෂත්වය අයින් කරගන්නත් ලෑස්තියි. ඒක බදාදා වනතෙක් විවෘතයි, වලංගුයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan