පොදුජන තරුණ පෙරමුණ ඉන්නේ පක්ෂයේ තීරණය එක්කයි. ඡන්ද කතාව බොරුවක් – සභාපති

Date:

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභාව ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇති බවක් මාධ්‍යවල පළ වී තිබුණ ද එවැනි තීරණයක් එම විධායක සභා රැස්වීමේදී නොගත් බවත් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සැමවිටම සිටින්නේ පක්ෂයේ තීරණය සමග බවත් එම තරුණ පෙරමුණේ සභාපති ඩී. වී. චානක මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභාවේ නියෝජිත හමුවේදී අපි මේ පිළිබඳව නෙළුම් මාවතේදී සාකච්ඡා කළා පමණයි. ඒ වගේම අපි 19 වෙනිදාට තමයි ඒ පිළිබඳව ඡන්දයක්, විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා අපේ විධායක සභාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නෙ. එදාට අපි බලාපොරොත්තු වෙන්නෙ එතනින් කවුද වැඩියෙන්ම ඡන්ද ගන්නෙ කියලා පක්ෂයට දැනුම් දෙන්න. මේ වෙනකල් අපි ඒ ඡන්දය පවත්වලා නෑ. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණත් පක්ෂයත් එක තීරණයේ ඉන්නෙ, අපි පක්ෂයේ තීරණයත් එක්ක ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ විධායක සභාවේ තීරණය අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයට දැනුම් දෙන්න අපි ඒ ඡන්ද කටයුත්ත පැවැත්වුවාට පස්සෙ. අපි මෙතෙක් සාකච්ඡා කළා පමණයි, පැහැදිලි තීරණයකට ඇවිල්ලා නෑ. විධායක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනායි ඉන්නෙ. එතකොට කොහොමත් අපි පක්ෂයේ තීරණයත් එක්ක තමයි කටයුතු කරන්නෙ”

ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...