විපක්ෂයේ ගොඩාක් අයට හිරේ යන්න වෙනවා. ඊට කලින් තවත් සියදිවි නසාගැනීම් වෙන්න පුළුවන් – ඇමති නාමල්

විපක්ෂයේ බොහෝ දේශපාලනඥයින්ට දීර්ඝ සිරදඬුවම් නියම වීමට නියමිතව ඇති බැවින් ඉදිරියේදී ඇතැම්විට තවත් සියදිවි නසාගැනීම් සිදුවීමට හැකි බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ප්‍රශ්නය – හිටපු පොලිස්පතිතුමා සියදිවි හානිකරගෙන තියෙනවා. ඒ ගැන මොකද කියන්නෙ ?

“ඇත්තටම ඒ සියදිවි නසාගැනීම ගත්තාම, පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක්ම වුණානෙ. එක්කෙනෙක් සියදිවි නසාගත්තා එයා එයාගෙම අත් අකුරින් අධිකරණයට, අල්ලස් කොමිසමට ලියුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වාර කිහිපයකදී කාල්ටන් නිවසේදී තංගල්ලේ මං පගාව මෙච්චර දුන්නා කියලා. මෙතනින් එහා පැත්තේ අල්ලපු වැටේ පියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා එයාර්බස් ගනුදෙනුවට අදාළව. එතකොට එයා සියදිවි නසාගත්තා. තව කෙනෙක් සියදිවි නසාගත්තා. පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තා ලු. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මං දන්නෑ. විපක්ෂයේ ඉන්න අයගෙන් ගත්තාම අතිබහුතරයක් ඇප පිට ඉන්නේ. නඩු පිට නඩු. දැන් මහින්දානන්ද ගන්නකෝ, හිරේ නෙ අවුරුදු 20කට. ඔය එකකට විතරයි. හිටපු වෙළඳ ඇමති අවුරුදු 25කට හිරේ නෙ. ඔය එකකට විතරයි. ඊටපස්සෙ උතුරුමැද මහ ඇමති, අවුරුදු 16කට හිරේ නෙ. ඔය එකකට විතරයි. ඊටපස්සෙ මාවිල් ආරු එස්. එම්. චන්ද්‍රසේනගෙ නෝනා අවුරුදු 16කට හිරේ නෙ. ඔය එකකට විතරයි. ඊටපස්සෙ සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ නෙ. ඔය එකකට විතරයි. තව පෝළිමක් තියෙනවා මේ කට්ටියට. පෝලිම් … දැන් රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන් නම් හොයලා කියන්නකො. නඩු ඔක්කොටෝම. එක නඩුවක් නෙවෙයි, නඩු පෝලිමක්. ඉතින් ඔය තත්වය තුළ ගොඩාක් අයට හිරේ යන්න වෙනවා මේ තත්වයත් එක්ක. ඊට කලින් සමහරවිට සියදිවි නසාගැනීම් වෙන්නත් පුළුවන්. ඉතින් මේ පොලිස්පතිගෙ සියදිවි නසාගැනීම මොකක් අරභයා සිද්ධ වුණාද කියන එක අපිට නිශ්චිත වශයෙන් කියන්න අමාරුයි”

නාමල් කරුණාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ පඬුවස්නුවර රත්මල්ල වැව අළුත්වැඩියා කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (17) පැවති උත්සවයකට සභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...