වෘත්තීය සමිති ඒකාබද්ධව උද්ඝෝෂණයක!

0
272

කොළඹ LNW: වෘත්තීය සමිති ඒකාබද්ධ උද්ඝෝෂණයක් අද (19) කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට සංවිධානය කර තිබුණි.

වෘත්තීය සමිති මර්දනය, පොදු දේපළ විකිණීම,මූලික වැටුප වැඩිකිරීම වෙනුවට වැටුප් වර්ධක ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ.

ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති නියෝජිතයින් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

උද්ඝෝෂණය සාමකාමීව පැවති අතර ඊට පොලීසියෙන් හෝ වෙනත් බාහිර පාර්ශවයකගෙන් බාධාවක් එල්ල නොවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/677/Trade%20unions%20protest