විමල්ගේ අයථා වත්කම් නඩුව සැප්තැම්බර් මාසයට කල්යයි

2010 – 2015 අතර කාලය තුළ අමාත්‍යවරයකුව සිටියදී තම නීත්‍යානුකූල ආදායම් ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (18) නියම කළේය.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුවට අදාළව විමල් වීරවංශ මහතාට අධිචෝදනා භාරදී ඇත්තේ 2018 ජනවාරි මාසයේදී වන අතර වසර හතර හමාරකට අධික කාලයක් තිස්සේ නඩු විභාගය කල් ඇදෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය...

ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ...