සටහන – රුවන් නෙළුගොල්ල
ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව එම සමාගමේ,
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365ක්
කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750ක්
කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815ක්
වශයෙන් ඔක්තෝබර් මාසයේදීත් පවතිනු ඇත.


