රෂිකා හෙන්නායක ජූලි 19, කොළඹ LNW :
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාගේ දේහය දැනට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති දේහයට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු පිරිස සිය අවසන් ගෞරවය පුද කර තිබේ.
ශ්රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සේවය කළ ඔහුගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව හෙට දින සිදු කිරීමට නියමිතය.
මෙම මරණය සඳහා ඔහු සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය භාවිතා කර ඇති බවට මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.


