ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුවේ දේශීය නියෝජිත සමාගමේ අධ්යක්ෂවරයකු වන හක්මන නන්දාලෝක හිමි පිළිබඳව පුවතක් LNW අපි “අල්ලස සැඟවූ මේ කවුද ? මොනවද කරන්නේ ?” මැයෙන් මීට පෙර පළ කළෙමු.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ හක්මන නන්දාලෝක හිමියන් සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහට කේක් කවන ආකාරයයි.
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාගෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත මේ වනවිට චරිත් අබේසිංහ රක්ෂිත බන්ධනාගාරගතව සිටී. ඒ, හිටපු අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂත් සමගිනි.
එම අල්ලස් මුදලින් කොටසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හරහා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට ද ලබාදී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම පසුගිය සතියේදී අධිකරණයට දැනුම් දී තිබිණි. එම පොලිස් නිලධාරීන් හෝ භික්ෂුව කවුරුන්දැයි අල්ලස් කොමිසම එදින අධිකරණයට දැනුම් දී තිබුණේ නැත.

සබැඳි පුවත් –


