වසර 19කට පෙර මෙසීගේ දෑතින් නාවන ලද බිළිඳා… අද ඔහුට එරෙහිව ලෝක කුසලාන අවසන් තරඟයේ!

සටහන – පුලී

ජූලි 19, LNW (කොළඹ): උඹලා හැදුනේ අපේ අත්වල යන කියමන පසක් කරමින් පාපන්දු ලෝකයේ ලස්සනම අහඹු කතාවක් අද යථාර්ථයක් වෙන්න යනවා. ඉරිදා(අද) පැවැත්වෙන FIFA World Cup 2026 අවසන් මහා තරගයේදී, ලියොනල් මෙසී සහ ලාමින් යමාල් පළමු වරට එකිනෙකාට එරෙහිව පිටියට පිවිසීමට සියල්ල සූදානම්.

මෙය ඔවුන්ගේ පළමු තරගය වුණත්, පළමු හමුවීම නම් නෙවෙයි!

2007දී, බාර්සිලෝනා ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට එමින් සිටි 20 හැවිරිදි මෙසී, ඡායාරූප වැඩසටහනක් අතරතුර මාස පහක් වයසැති බිළිඳෙකු දෑතින් තුරුළු කර නාවමින් ඡායාරූපයකට පෙනී සිටියා. ඒ පුංචි බිළිඳා තමයි අද ස්පාඤ්ඤයේ සුපිරි තරුව බවට පත්ව සිටින ලාමින් යමාල්.

ඡායාරූප ශිල්පී ජොආන් මොන්ෆෝර්ට් විසින් ගත් එම ඡායාරූප වසර ගණනාවකට පසු නැවත ලෝකයේ අවධානය දිනාගත්තේ Euro 2024 තරගාවලියේදී යමාල්ගේ දස්කම් සමඟයි. එම ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් යමාල්ගේ පියා ලියා තිබුණේ, “පුරාවෘත්ත දෙකක ආරම්භය” යන සරල නමුත් අර්ථවත් වදනක්.

දැන් කාලය වෙනස් වෙලා. එදා මෙසීගේ දෑතින් නාවන ලද පුංචි බිළිඳා, අද ලෝක කුසලානයක් වෙනුවෙන් ඔහුගේ විරුද්ධවාදියා වෙලා. සමහර කතා ලියන්නේ ජීවිතයයි… මේකත් එහෙම කතාවක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...