ඇමතිවරු මාරු කරලා සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න බැහැ – නාමල්

Date:

කොළඹ LNW:ඇමතිවරු වෙනස් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න නොවිසඳෙන අතර වහාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමිනි.

“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුයි. ඒ වගේම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතු වෙනවා.” යනුවෙන් ඔඅහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...