ඇමතිවරු මාරු කරලා සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න බැහැ – නාමල්

කොළඹ LNW:ඇමතිවරු වෙනස් කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න නොවිසඳෙන අතර වහාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමිනි.

“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුයි. ඒ වගේම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතු වෙනවා.” යනුවෙන් ඔඅහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...