හවුති සටන්කාමින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පහර දේ

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 20,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යේමනයේ හවුති සටන්කාමීන් විසින් ඊශ්‍රයලයේ ටෙල් අවිව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් අයෙකු මිය ගොස් අට දෙනෙකුට තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම යේමනයේ හවුති සටන්කාමීන් භාරගෙන ඇති අතර ගාසා තීරයට එරෙහිව සිදුවෙමින් පවතින විනාශකාරී යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයට සම්බන්ධ යැයි ඔවුන් පවසන ඉලක්කවලට එරෙහිව හූතිවරුන් අඛණ්ඩ ප්‍රහාර දියත් කළද, කණ්ඩායම ටෙල් අවිව් වෙත පහර දුන් පළමු අවස්ථාව මෙයයි.

කෙසේ නමුත් ඩ්‍රෝන ප්‍රහාරයට එරෙහිව අයන් ඩොම් පද්ධතිය ක්‍රියාත්මක නොවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් හමුදාව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ඩ්‍රෝන යානය හඳුනා ගැනීමට ඇති නොහැකියාව පද්ධතියේ අසාර්ථකත්වයට වඩා මානව දෝෂයක් බවයි.

මෙම ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත යාත්‍රාවක් වන සමාඩ්-3 වන අතර එය ඊශ්‍රායලයේ විස්තීර්ණ ගුවන් ආරක්ෂක පද්ධති හරහා හඳුනා නොගෙන පියාසර කළ හැකි “Jaffa” නම් වූ නව ඩ්‍රෝන වර්ගයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...