*
Friday, November 29, 2024
spot_img

Latest Posts

සුහුරු කෘෂිකර්මාන්තය අප රටේ ජාතික ප්‍රතිපත්තියක් බවට පත් විය යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපනය පමණක් නොව කෘෂිකර්මාන්තය ද නවීන තාක්ෂණයට යොමුවිය යුතු බවත් ගොවියාට ඇති ඉඩමේ ප්‍රමාණයෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකි නව තාක්ෂණික සුහුරු කෘෂිකර්මාන්තයක් කරා යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ සඳහා ඉදිරි සමගි ජන බලවේගයේ රජයක් යටතේ සුහුරු කෘෂිකර්මාන්තය අප රටේ ජාතික ප්‍රතිපත්තියක් බවට පත් කරන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම් අපේ ගොවියන්ට ලබා දී රජයේ අනුග්‍රහයෙන් නවීන තාක්ෂණ හා උපකරණ ලබා දීමේ වැඩසටහනකට සමගි ජන බලවේගය යොමුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 346 වැනි අදියර යටතේ කුරුණෑගල වාරියපොළ මිනුවන්ගැටේ මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

රටේ ජනතාව සියලු දෙනා ම කිසිදු භේදයකින් තොරව වැටුණු තැනින් ගොඩ එන ආකාරය දෙස බලා සිටින බවත් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කොහොමද කියා සිතන බවත් මේ බංකොලොත්භාවයෙන් අප ගොඩ ආ යුත්තේ නිවැරදිව බවත් පවතින අධ්‍යාපන ක්‍රමය යල්පැනගිය පැරණි ක්‍රමයක් නිසා මේ අධ්‍යාපන ක්‍රමය සමඟ ලෝකයේ නව තාක්ෂණය සමඟ තරග කළ නොහැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවත් පැවසීය.

රටක් ලෙස නව තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගත යුතු බවත් කෘෂිකර්මාන්තය, ධිවර කර්මාන්තය, වෙනත් ආදායම් උත්පාදනය කරන මාර්ග සඳහා මුල්තැන් ලබා දිය යුතු බවත් නව නිපැයුම් මෙන්ම නවෝත්පාදනයට මුල්තැන ලබා දිය යුතු බවත් සාම්ප්‍රදාය ඉතිහාසය සංස්කෘතිය හා සභ්‍යත්වය රැකගනිමින් ලෝකය යන රටාවට පුරුදු විය යුතු බවත් යල්පැනගිය ක්‍රමවේදවල වහලුන් නොවිය යුතු බවත් නව තාක්ෂණයෙන් පෙරමගකරුවන් ලෙස අප රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 346ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3839ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan