ඉන්දියාවේ ප්‍රථම ආදිවාසී ජනාධිපති ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු 25වන දා දිවුරුම් දෙයි.

Date:

ඒකාබද්ද විපක්‍ෂයේ යෂ්වන්ත් සිංහට එරෙහිව දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය විසින් නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්‍ෂක ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු පසුගිය 18 වන දින පැවැති ඉන්දියාවේ නව ජනාධිපති තෝරා පත් කර ගන්නා ඡන්ද විමසුමෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 64 හැවිරිදි ඇය ජාතියේ පළමු පුරවැසියා සහ ඉන්දියාවේ සන්නද්ධ හමුදාවන්හි උත්තරීතර අණ දෙන නිලධාරියා බවට පත් වූ පළමු ආදිවාසි සහ දෙවන කාන්තාව වේ.

මෙම ඡන්ද විමසුම පාර්ලිමේන්තු මන්දිරයේ හා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල පැවැති අතර එහිදී ඡන්දදායකයින් 4,796ක ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිතා කර තිබිණ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 98.98කි.
මෙහිදී ජනාධිපති අපේක්ෂක යෂ්වන්ත් සිංහට සාපේක්ෂව විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ශ්‍රීමනි ද්‍රෞපදි මුර්මු සමත්ව ඇති අතර 3219ක ප්‍රකාශිත ඡන්ද අතරින් ඇය දිනාගනු ලැබූ ඡන්ද සංඛ්‍යාව 2161කි. යෂ්වන්ත් සිංහට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 1058ක් පමණි.

දේශපාලන විචාරකයන් ඡන්දය පවතින අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණේ පවතින ජනප්‍රියතාවය අනුව ශ්‍රීමනිද්‍රෞපදි මුර්මු ඉදිරියෙන් සිටින අතර ඇයට පක්ෂව සියයට 60කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවයි. ඇයට BJD, YSRCP, BSP, AIADMK, TDP, JD(S), Shiromani Akali Dal, Shiv Sena සහ JMMයන පක්ෂවල සහාය ලැබී කිබිණ.

සශිකලා මධුෂාණී_ OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...