විපක්ෂය අතනොහරින අධිකරණ ප්‍රශ්නය: විපක්ෂයේ පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන්ගේ හදිසි හමුවක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: අධිකරණ ක්ෂේත්‍රයෙන් සම්බන්ධයෙන් මතුව තිබෙන කාරණා පිළිබඳ විපක්ෂය විසින් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබුණද ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නලබිම මත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ආද (22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා බලය බෙදාහැරීම (Separation of Powers) සහ සංවරණ හා තුලනය (Checks and Balances) යන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට විපක්ෂය ඉල්ලා තිබුණි. නමුත් ඊට රජයේ පාර්ශ්වය එකඟතාව පළ කර නැත.

ඒ අනුව, අධිකරණයට අදාළ කරුණු පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් හදීසි රැස්වීමක් පවත්වා තිබුණි.

මෙහිදී, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ක්‍රමයේ මූලික පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදාහැරීම සහ එකිනෙකා සංවරණය හා තුලනය කිරීමේ (Checks and Balances) වැදගත්කම අවධාරණය කරමින් අධිකරණයේ ස්වාධිනත්වයට බලපාන කරුණු විවෘත ව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අවස්ථාව හිමි විය යුතු බවට මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වී තිබේ.

අධිකරණයට අදාළ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට අවස්ථාව නොදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්මයන්ට බලපාන කරුණක් බව මෙහි දී පවසා ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පාර්ලිමේන්තු හා දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මේ අවස්ථාවට රෝහිනී විජේරත්න, චිත්‍රාල් ප්‍රනාන්දු, වී. රාධාක්‍රිෂ්ණන්, චමින්ද විජේසිරි, ගයන්ත කරුණාතිලක, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කාවින්ද ජයවර්ධන, චතුර ගලප්පත්ති, කබීර් හෂීම්, රවී කරුණානායක, එම්. එස්. ඒ. වෂීඩ්, රෝහණ බණ්ඩාර, ඩබ්. එච්. එම්. ධර්මසේන, බී. ආරියවංශ, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, රාමනාතන් අර්චුනා, නිසාම් කාරියප්පර්, එම්. එස්. උතුමාලෙබ්බේ, චානක මාදුගොඩ, සුරංග රත්නායක, අදික්කලනාදන් යන මන්ත්‍රීවරුන් එක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...