*
Friday, March 29, 2024
spot_img

Latest Posts

කඩුල්ල උඩින් ඉඟිළෙන වෙඩිල්ල – සින්ඩි

“මම අද දවසෙ වියදම් කරපු හොඳම ඩොලර් ලක්ෂය”
මෙහෙම කියන්නෙ ලෝක මලල ක්‍රීඩා සංගමයෙ සභාපති සෙබස්තියන් කෝ.ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.මීටර් 800 ඉසව්ව සඳහා ලෝකය බිහි කළ සුවිශේෂීම ක්‍රීඩකයෙක්.ඔහු මේ මොහොතේ ලෝකයටම අයිති වුණත් මේ පෞද්ගලික වියදම ඔහු දරන්නෙ ඇමෙරිකානු කෙල්ලකට.විශේෂය ඇය ඔප්පු කරමින් සිටිනවා ඔහු ලෝකයටම ආනන්දය දෙන ක්‍රීඩාවේ විශ්මයක් බව.ඈ නමින් සින්ඩි මැක්ලග්ලින්.මීටර් 400 කාන්තා කඩුලු ඉසව්වේ ඔලිම්පික් සූරිය මෙන්ම ලෝක සූරියද ඇයයි.
සින්ඩිට තවම අවුරුදු 22 යි.ඇය ලෝකයේ මේ දක්වා මීටර් 400 කාන්තා කඩුලු ඉසව්වේ හොදම කාලයන් පහෙන් හතරක්ම වාර්තා කර ක්‍රීඩිකාවයි.තත්පර 51 ට අඩු කාලයකින් ඒම ඉසව්ව නිම කළ පළමු කාන්තාවද ඇය වෙනවා.ඇය ගැන තවත් අපූරු අනාවැකියක් කියන්නෙ මේ ඉසව්වේ ඇය ලෝක වාර්තා තැබීම ආරම්භ කරන විට තිබුණු ලෝක වාර්තාවේ හිමිකාරිය වන දලිලා මොහම්මද්.ඇය මේ ඉසව්වේ හොඳම කාලයන් පහෙන් සින්ඩ්ට අයිති නැති එකම කාලයට හිමිකම් කියන්නියයි.
සින්ඩි තත්පර 49 සිමාවට මේ ඉසව්ව ගෙන එනවා.ලෝක සූරතා රන් පදක්කම සින්ඩිගේ ගෙළට ගලපාගන්නා මොහොතේ ඇයගේ ධාවනය සම්බන්ධයෙන් උදම් අනන්නි හිටපු ලෝක වාර්තාලාභි දලිලා එසේ පවසනවා.මේ මොහොතෙ ඇමෙරිකාවේ ක්‍රියාත්මක ලෝක මලල ක්‍රීඩා සූරතාවලියෙ මේ සටහන තැබෙන මොහොත වන විට තැබුණු එකම ලෝක වාර්තාව තබන්නෙ සින්ඩි.ඇය ඒහිදී ඉතිහාසයේ ක්‍රීඩිකාවක මීටර් 400 කඩුලු ඉසව්වේ තත්පර 51 සීමාවෙන් නික්ම පළමු වරට තත්පර 50 සීමාවට පිවිසෙමින් වාර්තා කරන කාලය තත්පර 50.68 ක්.දලීලා ඒ ඉසව්ව නියෝජනය කරනවා.ඇය එහිදි තෙවන ස්ථානය දිනා ගනිමින් පසුව කරන මේ ප්‍රකාශය හරිම ප්‍රශංසනීය යි.ඒ වගෙම සින්ඩි ඇයට අභියෝග කර හොඳ තරගයක් දීම හැර අභිබවා යා නොහැකි අයෙක් බව ඇයගේ ඉසව්වේම ක්‍රීඩා තරුවක් පැවසීම කෙතරම් අපූරුද?
දලීලා ගේ කතාවෙ තව ඇත්තක් තියෙනවා.මීටර් 400 කාන්තා කඩුලු ඉසව්ව ගත්තම මේ දක්වා ලෝකයේ බිහිවි ඇති හොඳම ක්‍රීඩිකාවන් තිදෙනාම එකට තරග වඳිනවා.ඒ අය අතරින් දලීලාට 32 ක් වුණත් සින්ඩි මෙන්ම නෙදර්ලන්තය නියෝජනය කරන ෆෙම්කේ බොල්ට අවුරුදු 22 ක්.ඇය සින්ඩිටත් වඩා මාස ගණනකින් හිච්චි එකියක්.මේ තුන්දෙනා තමයි ලෝක ඉතිහාසයේ මීටර් 400 කාන්තා කඩුලු ඉසව්වෙ හොඳම කාලයන් දොළහෙම හිමිකාරියො වෙන්නෙත්.ඒ් නිසා හැම වෙලාවෙම මීටර් 400 කාන්තා කඩුලු ඉසව්වෙ සින්ඩිට ඉසව්වක් සැහැල්ලුවට ගන්න ඉඩක් නැහැ.ඒ ඉසිඹුලෑම තුළ ඇයට කිරුළ අහිමි වෙන්න පුළුවන්.ඒ වගේම ලෝක වාර්තාව වෙනස් වෙන්නත් පුළුවන්.තිදෙනාගෙන් වඩා දක්ෂයා මේ අභියෝගය හමුවේ තත්පර 49 ට යයි කියන තර්කය තමයි විස්තර නැතුව දලීලා පවසන්නෙ.අත්දැකිම් බහුලම ක්‍රීඩිකාව වන ඇයට තියෙන ඉව ටක්කෙටම නිවැරදි එකක් කියන්න සින්ඩි වෙඩිල්ලක් වගෙ කඩුලු අතරින් පියැඹිම ඔප්පු කරන දවස වැඩි ඈතක වෙන එකක් නැහැ.
සිඩ්නි හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන ව්‍යහාරික වචන පෙළට හොඳම උදාහරණයක්.ඇය වාර්තා පොත් අලුත් කරන්න පටන් අරගෙන තියෙන්නෙ අවුරුදු 14 න් පහළ තරගකාරියක් හැටියටයි.සෑම වයස් ඛාණ්ඩයකම ලෝක වාර්තාවන්වල නම රැඳුණ ක්‍රීඩිකාවක් වන සින්ඩි මැක්ලග්ලීන් අද ලෝකය හඳුන්වන්නේ විශ්මයකට සමාන කරලයි.
සිඩ්නිට පවුලෙන්ම මලල ක්‍රීඩාවට හොද ආභාෂයක් ලැබී තිබිණ.ඔහුගේ පියා සහ මව යන දෙදෙනාම මලල ක්‍රිඩාවට සම්බන්ධව සිටි අතර පියා වන විලී මැක්ලවුග්ලින් 84 වර්ෂයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේදී අවසාන පූර්ව තරගය දක්වා පැමිණි අයෙක්ය.මොර්ගන් සහ ටේලර් නම් වූ සිඩ්නිගේ සොහොයුරිය සහ සොහොයුරාද මලල ක්‍රීඩාවට සම්බන්ධ අතර ටේලර් අවුරුදු 20 න් පහළ කෙ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 කඩුලු ඉසව්වේ රිදී පදක්කම්ලාභියා විය.එසේම 2016 ඇමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමට ඔහු සහ සිඩ්නි ඇතුළත් වීම ද මැක්ලවුග්ලීන් පවුලේ හැකියාවට හොඳම නිදසුනකි.
ඇයගේ බාල සහෝදරයාද ඒ ආකාරයම දස්කම් දක්වන අතර මලල ක්‍රීඩාව දන්නා පියා විලී පවසන්නේ තමන්ගේ දරුවන් සියල්ලම දක්ෂයන් වුවත් සිඩ්නි ඒ අතරින් විශේෂ බවය.ඇය මේ තත්ත්වයට එන බව මුල සිටම පැහැදිළි කළ බවය.එය මීටර් 400 කඩුලුම නොවන දක්ෂතාවලින් පිරුණු එකකි.ඇය ලෝකයට අභියෝග කළ හැකි මීටර් 400 සහ මීටර් 100 කඩුලු ඉසව්වන්හි ද අති දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස වාර්තා තබා ඇත්තියකි.
ආරම්භයේදී කෙල්වින් එච්.වෝකර් යටතේ පුහුණුව ලබන ඇය පසුව තවත් පුහුණුකරුවන් ගණනාවක සෙවණේ මඟ පෙන්වීම් ලැබ 20120 සිට විශ්මයන් නිර්මාණය කරන පුහුණුකරු බොබ් කර්සිගේ අලුත්ම තුරුම්පුව බවට පත් වී ඇත.අදටත් අදහාගත නොහැකි කාන්තා මීටර් 100 සහ 200 වාර්තා තැබූ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් නම් වූ විශ්මයේ සිට නොනවතින ජයග්‍රාහිකාව ඇලෙසන් ෆිලික්ස් දක්වා වන ඇමෙරිකානු මලල ක්‍රීඩා රන් පදක්කම් පොකුරට වැඩිම දායකත්වයක් දක්වා තිබෙන පුහුණුකරු වූ බොබ් හෙට සිඩ්නි ගේ බලපෑම තවත් ඉසව් කරා මුහු කරන්නට සූදානම්ය.
කර්සිගේ බිරිඳ ජැකී ජොයිනර් කර්සි 1988 වසරේ සත්ප්‍රයාම සහ දුර පැනීම යන ඉසව් ද්විත්වයෙන්ම එකම ක්‍රීඩා උළෙලක රන් පදක්කම් ලබන්නට සමත් වූවාය.එවන් අපූරු ආාරයේ මානව ජවයන් පෙළ ගැස්විමේ සමතෙකු වූ බොබ් කර්සි ගැන සැන්ඩි සිටින්නේ දැඬි විශ්වාසයකින්ය.ඇය ඔහු අසළට පැමිණි පසු මේ වන විට සිව්වතාවක්ම ලෝක වාර්තාව අලුත් කිරීම ඊට හේතුව වන්නට හැකිය.ඒ නිසාම මීටර් 100 කඩුලු සහ මීටර් 400 ඉසව් සම්බන්ධයෙන් සින්ඩිගේ සහභාගීත්වය ගැන ඇය කියන්නේ එය තමාගේ පුහුණුකරුගේ කැමත්ත මත සිඳුවනු ඇති බවය.සමහර විට තවමත් 22 හැවිරිදි සිඩ්නි බොබ් කර්සිගේ බිරිඳ මෙන් දවසක සප්ත ප්‍රයාම මෙන්ම තවත් ඉසව්වකින් ද එකම ක්‍රීඩා උළෙලක ලෝකය ජය ගතහොත් පුදුම වන්නට දෙයක් නැත.හොඳම දක්ෂතා සහ එය මනා කළමණාකාරීත්වයකින් මෙහෙයවීම යන කාරණා මත අනාගත ප්‍රතිපල විශ්වයම විශ්මයට පත් කරන හැකියාවන් වෙන්නට හොඳටම ඉඩ ඇත.සින්ඩි ගැන අදටද ලියන්න බොහෝ දේ තිබුණද ඇයගේ වයස හා සසඳද්දි තව බොහෝ දේ ලියන්නට සහ කියන්නට ලෝකයට ඉඩ තබන ක්‍රීඩිකාවක් වනු ඇති බව නිසැකය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan