*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ADVENTURE GAME ගැන ශ්‍රී ලංකා රග්බි නායකයෝ අදහස් දක්වති.

ජූලි 24 වන දා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යාම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් ගැන විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.ඔවුන් තරගාවලියේ රන්,රිදී හෝ ලෝකඩ පදක්කම රැගෙන ඒවි ය යන්න මේ බලා ඉන්න හුඟ දෙනෙක්ගෙ ප්‍රාර්ථනය නෙමෙයි.එහෙත් මේ තරගාවලියට ඔවුන් සූදානම් වූ අයුරු අපූරුයි.ඒ හරහා තමන්ගේ කාණ්ඩයේදී හමුවන ලෝකයේ රගර් දැවන්තයන්ට ඔවුන් මුහුණ දෙන ආකාරය අතිශයින් වැදගත්.ඒ මුහුණ දීමේ ස්වභාවයේ තිබෙන ප්‍රමිතිය සහ රග්ර් කණ්ඩායම පුහුණුකිරීමේදී යොදා ගන්න ලද උපක්‍රම තවත් ක්‍රීඩාවන් සඳහා ආදේශ කරන්නට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ශ්‍රී ලංකා පිරිමි සහ රගර් කණ්ඩායම් මුහුණ දෙන හැටි පෙන්නා දේවි.
ඒ පුහුණුවේ සම්ප්‍රදායික නොවන කළාපය ස්පර්ශ කිරීමෙන් රගර් කණ්ඩායම්වල සාමාජිකයන් ඉන්නෙ තෘප්තියෙන් බව නායකයා සහ නායිකාව සමඟ කතා බහේදී අපට හඳුනාගන්නට ලැබුණා.ඒ වගෙම සිහිනයක්ව තාමත් දකින රගර් ලෝකය හා සසඳද්දී හීනයක් හැටියටවත් දකින්න අමාරු පදක්කම් වුණත් යථාර්තයක් කරන්න තරම් කණ්ඩායමට හයියක් තියෙන බව ඒ කතාබහේදී හැඟුණා.හිතේ විශ්වාසය සහ ශක්තිය කියන්නෙ ජයග්‍රහණයක විශාල කොටසක්.ඒත් ඇත්ත ලෝකයේ භෞතික තත්ත්වයන් එක්ක එහෙම ගමණකට මුල පුරන්න පාරක් කපා ගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපට හිතන්න පුළුවන් හොඳම දේ.හැබැයි ඒ පාර මේ වන විට අලුත් මංමාවත් දිගේ කොයි තරම් දුරට ගෙවා අවසන් ද කියන එක අපි දන්නෙ නැති නිසා ශ්‍රී ලංකා රගර් කණ්ඩායම් දෙකට ගියාට වඩා වටින කණ්ඩායමක් හැටියට මව්රටට නැවත එන්නට සුබ ප්‍රාර්ථනා කරනවා.
කළ නොහැක්කක් නොමැත යන්න ද හදවතේ සඟව ගෙන අපි ශ්‍රී ලංකා රගර් නායකයාගේ සහ නායිකාවගේ හඬට සවන් දෙමු.අලුත් පුහුණු රටාවන් ඔවුන්ගේ කණ්ඩායමට විශ්වාසය ගොඩ නැඟෙන්න දුන් සහය ඒ හරහා වූ සේවය ක්‍රීඩාවේ අලුත් පාරවල් හරහා ජයග්‍රහණය සොයා යන හැමෝටම වැදගත් වෙයි.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර
අපි විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරන අය.ඒ වගෙම පරණ අය වගේම අලුත් අයත් ඉන්නවා.ඒ නිසා එකිනෙකා හඳුනාගන්න,එකිනෙකා අතර සහයෝගය හැදෙන්න අවබෝධ කරගන්න ADVENTURE GAME හොඳ පිටුවහලක් වුණා.විශේෂයෙන්ම විවිධ අදහස් පුරුදු තියෙන අයට ජයග්‍රහණය සඳහා ඇති උනන්දුවෙන් එකට වැඩ කරන හැටි මේව අස්සෙ තිබුණ නිසා හොඳ ටීම් වර්ක් එකකට පාර හැදුණා.
කණ්ඩායමක් හැටියට එකතු වෙලා එකා වගේ වැඩ කරන්න ටීම් එකට මේ වැඩ සටහන හොඳ පදනමක් දැම්මා.අපි පස්සෙ පිට්ටනියට ඇවිත් සෙල්ලම් කරද්දි වුණත් ඒකෙන ලැබුණ හොද දේවල් ප්‍රදර්ශනය වුණා.
ඇත්තටම අපිට වැදගත් ආසියානු තරගාවලිය.ඒත් මේ වැඩේ එක්ක කොමන්වෙල්ත් යන්නෙත් දැන් මොනවම හරි වෙනසක් කරන්න පුළුවන් කියන හැඟීමෙන්.විශේෂයෙන් සෙවන්ත්වලදි ලොකු ඉඩක ඉන්නෙ හතයි.එතනදි අපේ වේගය අනොන්‍ය සම්බන්ධය හිරි වැදගත්.ඒ නිසා අපි ලෝකෙ හොඳම කණ්ඩායම් හම්බවෙනවා කියලා දන්නවා.ඒත් අපි ඉන්නෙ පහසුවෙන් පරාජය භාරගන්න මට්ටමක නෙමෙයි,උපරිම උත්සාහය දරනවා කියන හැඟීම හැම කෙනෙක් තුළම තියෙනවා.
ඇත්තටම ADVENTURE GAME සංකල්පය ගෙනාපු එක පහුගිය කාලෙ එකට දන්න අය වුණත් අවුරුදු ගාණකින් එකතු වෙලා තිබුණෙ නැහැ.ඒ කොරෝනා වගෙ ප්‍රශ්න නිසා.එහෙම තත්ත්වයක මේ වැඩ සටහන ඇතුළෙ මානසිකව විශාල සහනයක් සහ එකිනෙකා අතර පුදුම විදිහට සම්බන්ධතා හැදුණා.එක පවුලක් වගෙ වැඩ කරන තත්ත්වයට කණ්ඩායම ගේන්න ඒ කරපු මඟ පෙන්වීමට ශ්‍රී ලංකා රගර්වලට “තැන්ක් යූ” කියන්න ඕනිමයි.

අනූෂා අත්තනායක
අපි එකට දැනගෙන හිටියට පිරිමි ටීම් එක එක්ක ADVENTURE GAME නිසා එකට වැඩ කරන්න ලැබුණා.පිරිමි කැප්ටන් සූරි හෙම කොමන්වෙල්ත් හතරක් විතර ගිය අය.ඒ අත්දැකීම් බෙදාගන්න වගෙම සමහර ක්‍රීඩකයො එක්ක කතා කරන්න හම්බ වුණෙත් මේ වැඩේ ඇතුළෙ.ඒවා හොඳ එක්සපීරියන්ස් වුණා.
අපේ ටීම් එකේ සමහර අය අලුත්ම අය.එයාලට මේක ගොඩක් හොද අවස්ථාවක් වුණා.ඇත්තටම කියනවනම් ටීම් එකේ විශ්වාසය වගේම හොදට හැමෝම පවුලක් විදිහට සම්බන්ධ වෙන්නත් මේක හේතුවක් වුණා.
ගේම් කරද්දි අපි එකිනෙකා අතර ඇති කරගන්න අවබෝධය පස්සෙ පිට්ටනියට බැස්සට පස්සෙත් දැක්කා.ක්ෂණිකව හරි තීරණය ගන්න එකිනෙකා අතර ඒක බෙදා ගන්න ක්‍රියාකාරී වෙන්න ADVENTURE GAME හොඳ මැදිහත්වීමක් කරා.
අපිට හම්බවෙන්නෙ ලෝකයෙ හොද කණ්ඩායම්.ඒ වගෙ තත්ත්වයක පිරිමි කණ්ඩායම එක්ක කරට කර වැඩ කරලා අපේ කෙල්ලො ටික ඉන්නෙ හොද හිතේ හයියකින්.විශ්වාසයකින්.අපි ආසියාවටම දෙයක් දෙන්න බලාගෙන තමයි මේ තරගයට යන්නෙ.විශාල ප්‍රගතියක් අත් කරගන්න ශ්‍රී ලංකා රගර් දුන්න සහයෝගය හරිම වටිනවා.ඒකට අපි ස්තූතිවන්ත වෙන්න ඕනි.ප්‍රශ්න ගොඩක් මැද්දෙ ශ්‍රී ලංකා රගර් හොද මානසික විශ්වාසයකින් මේ ගමණ යන්න පුළුවන් මට්ටමට කණ්ඩායමේ හිත් හදපු එකම මරු.ඒ නිසා ADVENTURE GAME ගැන මම සරලවම කිව්වොත්, “ඒක මරු වැඩක්”
මේ වැඩේ නිතර නිතර අපේ ජාතික සංචිතවලට ලැබෙන්න ඕනි.අනාගතයට මේවෑ ප්‍රතිපල වඩාත් හොඳින් පැහැදිළි වෙයි.
මේ සමඟ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්වල සමූහ ඡායාරූප පළවෙන අතර පිරිමි ඡායාරූපයේ වමේ සිට හිටගෙන සිටින්නේ පිළිවෙලින් නයිජල් රත්වත්ත,රීසා රෆයිඩීන්,බුද්ධිම ප්‍රියශාන්ත,තරිඳු රත්වත්තේ,චතුර සෙනවිරත්නඅදීහ වීරසිංහ,අන්ජුල හෙට්ටිආරච්චි,කවිඳු පෙරේරා,දිලූෂ දන්ගේ,මිතුම් හපුගොඩ සහ සුදාරක් දික්කුඹර යන ක්‍රීඩකයෝය.
අසුන්ගෙන සිටින පිරිස වන්නේ නිල්ෆර් ඉබ්‍රාහිම්,ධනාෂ් දයාන්,දේශප්‍රිය හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා රගර් උප සභාපති)රිස්ලි ඉල්ලියාස් (ශ්‍රී ලංකා රගර් සභාපති) ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක) හම්ෂා හිදයතුල්ලාහ් (විධායක අධ්‍යක්ෂ – ශ්‍රී ලංකා රගර්) සහ රොහාන් චින්තක යන පිරිසය.
කාන්තා කණ්ඩායමේ ඡායාරූපයේ වමේ සිට (හිටගෙන) ජයන්ති කුමාරි,ශානිකා මධුමාලි,කාංචනා මහේන්ද්‍රන්,චරනි තීක්ෂණා,සන්දිකා හේමකුමාරි,ජීවන්ති ගුණවර්ධන,දිලින් කාන්චනා,දුලානි පල්ලිකොන්දගේ,අනුෂිකා තුෂාරි,උමයංගනා තත්සරණි සහ නිපුනි රසංජලි යන ක්‍රීඩිකාවෝය.වමේ සිට අසුන් ගෙන සිටින්නේ පුහුණුකරු සාලිය කුමාර,අයෙෂා පෙරේරා, දේශප්‍රිය හෙට්ටිආරච්චි (ශ්‍රී ලංකා රගර් උප සභාපති),රිස්ලි ඉල්ලියාස් (ශ්‍රී ලංකා රගර් සභාපති),අනුෂා අත්තනායක (නායිකාව),හම්සා හිදයතුල්ලාහ් (ශ්‍රී ලංකා රගර් විධායක අධ්‍යක්ෂ) සහ කළමණාකාරීණි සුජානි රත්නායක ය.
මෙහිදි ශ්‍රී ලංකා රගර් ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක විවිධ බාධා හමුවේ සුරක්ෂිත කරමින් සූදානම් කිරීමම අපූරුය.අනුග්‍රාහකයන්ගේ පදයට නො”නටමින් ඔවුන් සිදු කළ මෙහෙයවීම සහ ගමන අඩාල නොකර ජාතික සූරතාවලිය පැවත්වීම අපූරු වැඩකි.ඉනික්බිති හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා දාපු වෙට්ටුව තවත් අපූරුය.අධිකරණය දක්වා ගිය ගමන නොනිමි නඩුවක් සහිතව නිමා කර පාරිපාලනයට පන දුන් රගර් පරිපාලන නඩය අධිකරණයෙන් වැඩ කිරීමේ අභියෝගය භාර ගනිමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම අගය කළ යුතුය.
නමුත් විවේචනයන් සාධනීය අදහසකින්ය.වසර ගණනකට පෙර පවුම් ගණනින් එවකට සිටි රගර් පරිපාලනය ගත් මුග්ධ තීරණයක් නිසා ගෙවන රගර් පරිපාලනය මෙම කරුණු පෞද්ගලික නඩුවකට ගෙන යාම වටිනේය.වාරික වශයෙන් ගෙවීමට එකඟ වී ඇති එම මුදල සඳහා වත්මන් රගර් පරිපාලනය වගකීම භාර අරගෙන ඊට උඩ ගෙඩි නොදී සහ සංගමේ ගිණුමේ මුදල් හිස් නොකර මේ මොහොතේ හෝ ඊට උපදෙස් දුන්න අමාත්‍යංශ සහ ආයතනවලට ද,දේශපාලකයින්ගෙන්ද එම මුදල අය කරන්න කටයුතු කිරීම වටින්නේය.
ඒ විවේචනය සහිතව මේ දක්වා රටේ නරකම මොහොතක රගර් කෙළින් කරන්නට විවිධ රෝගී තත්ත්වයන් සමඟ මෙන්ම ආර්ථික හා සමාජීය අර්බූද හමුවේ රගර් පැටලෙන්නට නොදී දේශයට උපහාර කරන්න ශ්‍රී ලංකා රග්බි ගෙන ඒමට ශ්‍රී ලංකා රගර් පරිපාලනය අගය කළ යුතුය.කෙසේ හෝ ඒ සියලු බාධක ගැටළු මැද ශ්‍රී ලංකා රගර් අලුත් අදහසකින් අලුත් කළ කණ්ඩායමක් තැනීමට ගත් පියවර අගය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග රටාව තුළට රගර් ක්‍රීඩාවෙන් නියෝජනයක් සකස් කරන්නට දායක වූ හැමටම අගය කිරීමක් දීම වටින්නේය.

RM

ශ්‍රීනාත් සූරිය බණ්ඩාර

අනූෂා අත්තනායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan