අනුර – ලන්සා අලුත් කාර්යාලය නිසා පොහොට්ටුවේ කචල් …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම අලුතින් කාර්යාලයක් පිහිටුවන්න යන කතාව අපි කලින් කිව්වා නේ. අන්න ඒ කාර්යාලය පහුගිය බ්‍රහස්පතින් දා විවෘත කරලා.

මේ කාර්යාලය පිහිටුවලා තියෙන්නේ රාජගිරිය ලේක් ඩ්‍රයිව් පාරේ පිහිටි සුවිසල් නිවසක. මෙතන තමයි මීට කලින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලය පිහිටුවලා තිබුණේත්.

ඉතින් ඔය අලුත් කාර්යාලය පහුගිය බ්‍රහස්පතින්දා විවෘත කරලා තියෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරයි ජවිපෙ හිටපු පාර්ලිමේන්තුවරයෙක් වගේම පසුගිය කාලේ බැසිල් රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රණය භාර ප්‍රධානියා වෙලා හිටපු සිරිපාල අමරසිංහයි අතින්.

මේ කාර්යාලය විවෘත කරන උත්සවයට කිසිම මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් ගෙන්නලා නෑ. හැබැයි එදාම හවස ලන්සා, අනුර යාපා, සුදර්ශනී ඇතුළු ස්වාධීන කණ්ඩායමේ කට්ටියක් ඇවිත් ගියා ලු.

මේ විවෘත කිරීමේ උත්සවයට ගෙන්නලා තිබුණේ දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයම ඉන්න අභ්‍යන්තර සංවිධායකයින් 100ක විතර පිරිසක් ලු. සුගීෂ්වර බණ්ඩාර එතනදී ලොකූ කතාවක් කරලා කට්ටියගේ මොරාල් අප් කරලා. සිරිපාල අමරසිංහ ඉදිරියට කරන්න යන වැඩේ පැහැදිලි කරලා.

කොහොම වුණත් එදාම හවස බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ තිබුණු රැස්වීමකදී සරණ ගුණවර්ධනයි, ඉන්දික අනුරුද්ධයි ඔය කාර්යාලය පිහිටුවපු එක ගැන ලන්සාට නොසෑහෙන්න බැනලා කියලාත් ආරංචියි.

ඔය අතරේම පහුගිය සිකුරාදා ගෝඨාභය හමුවෙන්න ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක – ඒ කියන්නෙ ගෝඨාභයගෙම සහෝදරියකගේ පුතා – ඔය සුගීෂ්වර බණ්ඩාරගේ වැඩ ගැන සෑහෙන ආඩපාලියක් කියලා ලු. සුගීෂ්වර පොහොට්ටුවට විරුද්ධව එළිපිටම වැඩකරන නිසා නාමල් රාජපක්ෂ ඉන්නේ සෑහෙන හිතේ අමාරුවෙන්ය කියලාත් නිපුණ කිව්වා ලු. කොහොම වුණත් ගෝඨාභය ඒ ගැන කෙළින් උත්තරයක් දීලා නෑ කියලා තමයි ආරංචි.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...