කවිඳුගේ සහ අදීශගේ තැන් අන්තිම මොහොතේ ඉරෝෂන්ට සහ රමේෂ්ට

අලුත් ක්‍රියාමාර්ග ගණනාවක් හරහා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සූදානම් කළ ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රගර් කණ්ඩායමේ කවිඳු පෙරේරාට සහ අදීශ වීරතුංගට අවසාන මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වෙන්නට සිදුවී තිබෙනවා.ඒ කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙන බව ඒ සම්බන්ධ පරීක්ෂණවලදී අනාවරණය වීම නිසයි.

ඒ වෙනුවට කණ්ඩායමේ ස්ථානය හිමි වී තිබෙන්නේ ඉරෝෂන් සිල්වාට සහ රමේෂ් ප්‍රනාන්දුටයි.එම දෙදෙනා පිළිවෙලින් පොලිස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් වන අතර කොවිඩ් තත්ත්වය නිසා ස්ථානය අහිමි වූ කවිඳු පෙරේරා මහනුවර ක්‍රීඩා සමාජයෙන් ජාතික කණ්ඩායමට පැමිණි ක්‍රීඩකයෙක්.අදීශ නියෝජනය කරන්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...