වඳුරු උණ ඉන්දියාවට ඇතුළු වේ. දැනට ආසාදිතයන් හතර දෙනෙකු හඳුනා ගැනේ.

Date:

මේ වන විට ඉන්දියාවෙන් වඳුරු උණ ආසාධිතයන් හතර දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයෙන් ආසාධිතයන් තිදෙනෙකු හා දිල්ලි වලින් එක් ආසාධිතයෙකු මෙලෙස හඳුනා ගෙන ඇත. ඊයේ (24) දිනයේ දිල්ලි වලින් හමු වූ 31 හැවිරිදි ආසාධිත පුද්ගලයා කිසිදු විදෙස් රටක සංචාරය නොකළ අයෙකු බව අනාවරණය වේ.

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල හඳුනාගනු ලැබූ වඳුරු උණ රෝගය මහාද්වීපයෙන් ඔබ්බට විශාල පිපිරීම් ඇති කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේ ය. මේ වන විට යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ආසියාවෙන් ද ආසාධිත රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙමින් ඇත.

වඳුරු උණ වසංගතය මේ වන විට රටවල් 74ක පමණ හඳුනාගෙන ඇති අතර ආසාධිත පුද්ගයන් සංඛ්‍යාව 17000 ඉක්මවන ලද බව කියැවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම තත්වය ලෝක හදිසි තත්වයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී_

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...