වඳුරු උණ ඉන්දියාවට ඇතුළු වේ. දැනට ආසාදිතයන් හතර දෙනෙකු හඳුනා ගැනේ.

මේ වන විට ඉන්දියාවෙන් වඳුරු උණ ආසාධිතයන් හතර දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කේරළයෙන් ආසාධිතයන් තිදෙනෙකු හා දිල්ලි වලින් එක් ආසාධිතයෙකු මෙලෙස හඳුනා ගෙන ඇත. ඊයේ (24) දිනයේ දිල්ලි වලින් හමු වූ 31 හැවිරිදි ආසාධිත පුද්ගලයා කිසිදු විදෙස් රටක සංචාරය නොකළ අයෙකු බව අනාවරණය වේ.

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල හඳුනාගනු ලැබූ වඳුරු උණ රෝගය මහාද්වීපයෙන් ඔබ්බට විශාල පිපිරීම් ඇති කරනු ලැබුවේ පසුගිය මැයි මාසයේ ය. මේ වන විට යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ආසියාවෙන් ද ආසාධිත රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙමින් ඇත.

වඳුරු උණ වසංගතය මේ වන විට රටවල් 74ක පමණ හඳුනාගෙන ඇති අතර ආසාධිත පුද්ගයන් සංඛ්‍යාව 17000 ඉක්මවන ලද බව කියැවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම තත්වය ලෝක හදිසි තත්වයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.

සශිකලා මධුෂාණී_

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...