*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

100 රිලේ කියන්නෙ වෙන වැඩක්

මීටර් 100 ජය ගැනීම සහ සහය දිවීම ජය ගැනීම කියන එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් සාධක මත ක්‍රියාත්මක වෙන්නක්.ඊට හොඳම උදාහරණයක් මෙවර ලෝක මලල ක්‍රිඩා සූරතාවලියේදී දකින්නට ලැබිණ.එහි පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු ස්ථාන තුන මෙන්ම හයවන ස්ථානයේ සිටියේද ඇමෙරිකානුවෝය.කාන්තා අංශයේ මුල් ස්ථාන තුනේම සිටියේ ජැමෙයිකානුවෝය.නමුත් පිරිමි මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම කැනඩාවට හිමි විය.කාන්තා රන් පදක්කම හිමි වුයේ ඇමෙරිකාවටය.

ජයග්‍රාහී රටවල්වල මිටර් 100 අවසාන තරගයට ඉදිරිපත් විම සළකා බලද්දී පිරිමි සහය දිවීම ජයගත් කැනඩාවෙන් අවසාන තරගයට තේරී සිටියේ ආරොන් බ්‍රවුන් පමණි.එහුට හිමි වූයේ අවසාන තරගයේ අවසාන ස්ථානය ය.කාන්තා තරගයේ ඇමෙරිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සිටිය අතර ඒ අතරින් ඩීනා ඈෂර්- ස්මිත් සිව්වැන්නිය වූවාය.මෙලිස්සා ජෙෆර්සන් තරගය නිමා කළේ අන්තිමයා ලෙස ය.මීටර් 100 පිරිමි තරගය ජයගත් ෆ්‍රෙඩ් කර්ලි තරගයට සහභාගි නොවුණත් එම සහය දිවීමේ කණ්ඩායමට අවසාන තරගය නියෝජනය කළ තිදෙනෙක් සිටි අතර ඒ තිදෙනාම ජයගත් කැනඩාවේ එකම නියෝජනය වූ ආරොන් බ්‍රවුන්ට ඉදිරියෙන් සිටියෝය.

මීටර් 100 සහය දිවිමේ තරඟයේදි යෂ්ටි හුවමාරු කරන ස්ථානයන් හරියටම මීටර් 100 සටහන් වන ආකාරයෙන් සිඳුවන්නේ නැත.එය එයට වැඩි දුරක් යෂ්ටිය ලබා ගන්නාට දුවන්නට හැකි පරිදි සහ අඩු දුවක් දුවන්නට හැකි පරිදි සිඳු විය හැකිය.එම අවස්ථාවන් තීරණය වන්නේ ක්‍රීඩිකාවන්ගේ වේගය අනුව තරගයට එකතු වෙන සාධනීය තත්ත්වයන් සැළකිල්ලට ගෙන ය.එසේම අසරු සැනෙකින් යෂ්ටිය දෙන කෙනාගේ අතින් මිදි ගන්න කෙනාගේ අතේ තැන්පත්වීම යන්න සහය දිවීමේ ජයග්‍රහණයේ වේගය තරමටම වැදගත්ය.වේගය අඛණ්ඩව පැවතීම සහ වෙනස්වීම සිඳුවන්නට එය තදින්ම බලපාන්නේය.සහය දිවීමේ ආරම්භක වේගය සාමාන්‍ය ආරම්භක වේගයක් වන්නේ ආරම්බ කරන ක්‍රීඩකයාගේ පමණි.ඉන් අනතුරුව යෂ්ඨිය ලබන ක්‍රීඩකයින්ගේ අතට යෂ්ඨිය පත්වන්නේ ඔවුන් ආරම්භක වේගයෙන් සාමාන්‍ය වේගයට පැමිණ සිටියදීය.(ආරම්භ කර දුවමින් සිටියදී ය.)

යෂ්ඨි හුවමාරුවකදී ඒ අවස්ථාවේ සිඳුවන අත් වරදක් නිසා උපරිම වේගයට පැමිණිම පමා විය හැකියි.එය අනෙකාට සාපේක්ෂව පසුබැසීමක් වන අතර එවැනි එක මොහොතක් තරගයම අත හැරෙන්නට ප්‍රමාණවත්ය.ඒ නිසා වේගය,සංයමය,අන්තර් පුද්ගල සම්බන්ධතාවය,වැනි කරුණු කිහිපයක්ම මීටර් 100 සහය දිවිමක් ජය ගැනිමට අවශ්‍යය වන්නේය.ඒ නිසා මීටර් 100 ඉසව්ව ජය ගැනිම සහ මීටර් 100 සහය දිවීම ජය ගැනීම යනු වෙනම තලයක සාධනිය කාරණා මත සිඳුවන සිදුවීම් දෙකකි.
යෂ්ඨි හුවමාරුව,ඉසව්වේ වේගය කළමණාකරණය වැනි කරුණු බොහෝ දේ ඉසව්ව ක්‍රියාත්මක විම සම්බන්ධ නිල පැහැදිළි කිරීමෙන් හඳුනා ගැනීම අපහසු නැත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan