*
Friday, April 26, 2024
spot_img

Latest Posts

හේමසිරිට යාවජීව සාමාජිකත්වය

හේමසිරි ප්‍රනාන්දුට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වය හිමි වී ඇත.එය ඊයේ බර්මින්ග්හැම් හී පැවති එහි වාර්ෂික මහා සභාවේදී ප්‍රකාශයට පත් වී තිබේ.ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කැපී පෙනෙන වැඩ කොටසක් කර හේමසිරි ප්‍රනාන්දු එහි මූලස්ථාන ගොඩනැඟිල්ල සෑදීම සඳහා මුල් වී ක්‍රියා කළ පුද්ගලයාය.ආකර්ශනීයම ජතික ඔලිම්පික් නිවහනක් ලෙස විවිධ රටවල ඔලිම්පික් නියෝජිතයන්ගේ පැසසුමට ලක් වී ඇති ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටු නිවහන විශේෂයෙන්ම, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් මෙන්ම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ ගරු සාමාජිකයෙක් වන පියාඹන මිනිසා ලෙසින් විරුදාවලි ලත් සර්ජි බුබ්කා මහත් ඉහළින් ඇගයූ තැනකි.ඒ නිසාම අදද ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරය හඳුන්වන්නේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරය නමින්ය.

වෙඩි තැබීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති හේමසිරි ප්‍රනාන්දු,පාසල් වියේ සිටම ක්‍රීඩාවට ඇළුම් කළ අයෙකි.මලල ක්‍රීඩා,පැසිපන්දු සහ පාපන්දු ක්‍රීඩාවේ නිරත වි ඇති හේමසිර විශ්ව විද්‍යාල ජිවිතය තුළ කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නායකත්වය දි ඇත.

නාවික හමුදා නිලධාරියෙක් ලෙස කැපී පෙණුන හේමසිරි ප්‍රනාන්දු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් ඉනික්බිති රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරියෙක් ලෙස විශාල වැඩ කොටසකට හවුල් විය.ශ්‍රී ලංකා ටෙලිකොම්,ආයෝජන මණ්ඩලය,ගුවන් තොටුපළ සහ ගුවන් සේවා අධිකාරිය මෙන්ම මහජන බැංකුවේ ද සභාපතිත්වය දැරූ හේමසිරි ප්‍රනාන්දු ඒ සියලු ආයතන හෙට ලෝකයට සරිලන ආකාරයට සකස් කිරීම සඳහා විවිධ බාධා කිරීම් මධ්‍යයේ කැප කිරීම් කළ අනාගතය දකින පරිපාලකයෙකි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මෙන්ම තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇති හේමසිරි ප්‍රනාන්දු තැපැල් අමාත්‍යංශයේ බොහෝ කාර්යයන් නව තාක්ෂණය සමඟ ගැලපීම සඳහා පුරෝගාමි මෙහෙවරක් සිඳු කළේය.

මුද්දර එකතු කිරීම මෙන්ම දුම්රිය සම්බන්ධයෙන් ඉහළ උනන්දුවක් දක්වන හේමසිරි ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් තව දුරටත් ශ්‍රී ලාංකේය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මහත් කැපවීමකින් ක්‍රියා කරන්නෙකි.දුම්රිය කෞතුකාගාරය යන්න ඔහුගේ සිහින අතර ප්‍රධාන තැනක් ගන්නා බලාපොරොත්තුවක් වන අතර එය දුම්රිය දෙපාර්තමේන්තුවට අත්රේක ආදායමක් ගෙනෙන ආකාරයේ විශාල සැළසුමක්ද ඔහු සතුව ඇත.එසේම ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් කළමණාකරණය කරන අත් සුඛෝපභෝගි තත්ත්වයේ ඇති දුම්රිය හේමසිරි ප්‍රනාන්දුගේ පෞද්ගලික දුම්රියකි.

Essays on Ceylon Railways, The Uva Railway, Railway to the Moon සහ The Viceroy Special ඔහු විසින් රචිත කෘතිය.ඉදිරි දිනක මේ රටේ දේශපාලනික සහ සමාජිය යථාර්තය හෙළිදරව් වන ආනදෝලානාත්මක කෘතියක් ඔහුගේ අතින් පළවෙන්නට ඇති ඉඩකඩ විශාලය.සාජු තීරණ සහ ප්‍රකාශ කිරීමට නොපැකිළෙන වයසට වඩා හැම විටම තරුණ වී ලෝකය දකින්නට අවශ්‍යය යාවත්කාලීන දැණුම හඹායන්නෙක් වෙන හේමසිරි ප්‍රනාන්දු සතු හැකියාවන් තවමත් තරුණය.ඔහුගේ ඇති විශේෂත්වයම වන්නේ යල්පැන නොගිය අදහසින් ලෝකය දකින්නට ඇති සුවිශේෂී හැකියාවමය.

අපි හේමසිරිට ශ්‍රී ලාංකිකයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ යාවජීව සාමාජිකත්වයට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාවට ලබා දුන් ගෞරවය සම්බන්ධයෙන් හදවතින් සුබ පතන්නෙමු!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan