මාලිමාවේ අලුත්ම බොරුව තමයි නීතිඥ සංගමයේ සභාපතිතුමා සජබේ මහ ඇමති අපේක්ෂක යැයි පැවසීම – විපක්ෂ නායක සජිත්

ජූලි 27, කොළඹ LNW :

මේ වන විට නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් වැඩ බැරි ආණ්ඩුවක් අප රට දිනෙන් දින පරිහනිය කරා ගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්නපුර සමගි ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.

තේ රබර් කුරුදු මැණික් අප රට සතු සම්පත් වුවත් මේවා ප්‍රවර්ධනය කරන්න රජයට නොහැකි වී ඇති බවත් මුසාවෙන් මුලාවෙන් ජනතාවට වංචා කර ඡන්දය දිනා දැන් බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් බලය පවත්වා ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජවිපේ දැන් බොරු කියන්නේ ස්ථාවර නියෝගවලට මුවා වෙලා

ජවිපේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී තමා විසින් නීති සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතාට මහ ඇමති අපේක්ෂක ධුරය ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව පවසන බවත් එම අපේක්ෂක ධුරය දෙන්නේ ගරු උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රම යන වයස් සීමාව වෙනස් කිරීමට අදාළ විරෝධය දැක්වීමට බවත් එම මාලිමා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වී බොරු කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජවිපේ මැතිවරණය වේදිකාවේ කිව්ව එකක්වත් කළේ නෑ

වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් බදු පිට බදු ගසා ඉන්ධන වැඩිම මිලට ලබා දෙන රට බවට අප රට පත්ව ඇති බවත් ලෝකයේ සෙසු රටවල් කලාපයේ රටවල් තෙල් මත සහන දුන්නත් මේ අය ඒ කිසිදු සහනයක් නොදෙන බවත් 33%කින් විදුලි බිල අඩු කිරීම සේම වී සඳහා රු.150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද ඒ කිසිවක් නොමැති බවත් වී සඳහා රු. 17ක් පාඩු කළේ මේ රජය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාලිමාව හදන්නේ අධිකරණ බලයත් පැලවත්තෙන් පාලනය කරවන්න

ඒ සියල්ල කරමින් අධිකරණයෙ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර උපරිමාධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වැඩි කිරීමට රජය උත්සාහ කරන බවත් රජය මේ අධිකරණවල බලය පලනය කරන්න බලහත්කාරයෙන් උත්සාහ කරන බවත් අදටත් උපරිමාධිකරණවල පුරප්පාඩු තිබ්බත් ඒවා සම්පූර්ණ නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි කාටවත් දේශපාලන අල්ලස් දීලත් නෑ දෙන්නෙත් නැ

සමගි ජන බලවේගය කිසිදා මාලිමාව කියන දේශපාලන අල්ලස් දී නැති බවත් මෙරට ජනතාව මේ බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ඇන්දවිල්ලෙන් රැවටිල්ලෙන් රටක් ගෙන යා නොහැකි බවත් සමගි ජන බලවේගය සෑම විටම රට වෙනුවෙන් යුතුකම ඉටු කරන බවත් පක්ෂයක් ලෙස කොන්ද කෙළින් තියන් ස්වාධීන අපක්ෂපාතී අධිකරණය ගැන කතා කරන්න අයිතිය ඇත්තේ සමගි ජන බලවෙගයට බවත් ශිරානි බණ්ඩාරනායක මහත්මියට කළ බලපෑම් සේම ගරු විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ගෙනවිත් බලපෑම් නොකළ බවත් අදටත් කොන්ද කෙලින් තියන් ජනතාව ඉදිරියේ සිටගත හැක්කේ අධිකරණය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...