රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩක සුපුන් සෝමතිලක හට හිමිව ඇත්තේ සිව්වන ස්ථානය පමණක් බැවින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව අහිමි විය.
මෙම තරගයේ රන් පදක්කම නව වාර්තාවක් ද තබමින් මැලේසියාව දිනාගත් අතර, රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඉන්දියාව සහ කෙන්යාව සතු කරගෙන ඇත.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මුළු බර කිලෝග්‍රෑම් 244ක් එසවූවත්, තෙවන ස්ථානය දිනූ ක්‍රීඩකයාට වඩා ඔහු කිලෝග්‍රෑම් 16ක් පසුපසින් සිටීම විශේෂත්වයකි.


