පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති ඉල්ලයි

පසුගිය මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ, එම පෙත්සම් ඊයේ (26) කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ ජාතික ජන බලවේගය සහ පැෆරල් සංවිධානය විසිනි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පැවසුවේ අදාළ පෙත්සම් රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු අනෙකුත් කරුණු ගැන අවබෝධයකින් තොරව ගොනුකර ඇති හෙයින් එම පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි.

පෙත්සම් නැවත ඔක්තෝබර් 02 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...