*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සර්ව පාක්ෂික සමුළුව ගැන සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) පවත්වනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින නමුත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවයි එම පක්ෂය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


මාධ්‍ය නිවේදනය

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව ජනාධිපති වරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව ඉතාමත් පැහැදිලිය.

මෙහිදී ජනාධිපතිවරයාගේ ව්‍යායාමයේ පදනම විය යුතුව ඇත්තේ ඒ සඳහා කැපවූ අවංක භාවයයි.

උතුරු නැගෙනහිර පිළිබඳ වූ මෙම ගැටලුව වහාම මතු වූවක් නොවේ.

දශක ගණනාවක් විවිධ ආණ්ඩුවලට මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදු විය.එනමුත් මෙම ගැටලුව සඳහා ප්‍රායෝගික විසඳුමකට එළඹීමට තවමත් කිසිවෙකුට හැකියාවක් ලැබී නොමැත.මෙම ගැටළුවට විසඳුම් සෙවීමේදී වැදගත්ම සාධකය වනුයේ ඒ සඳහා සද්භාවයෙන් යුතුව කටයුතු කිරීමයි.

අපට නිරීක්ෂණය කළ හැකි වන්නේ ජනාධිපතිවරයාගේ මෙම ව්‍යායාමය කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවයි.

වර්තමාන ජනාධිපතිවරයාට මේ සඳහා මැදිහත් වීමට සහ ගැටළුවට විසඳුම් ලබාදීමට මෙයට පෙර අවස්ථා ගණනාවක් සැලසී තිබුණු බව නොරහසකි.එමෙන්ම එතුමා ජනාධිපති ධුරයට පත්ව වසරක් ගත වන තෙක් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට සාධාරණ හෝ පිළිගත හැකි උත්සාහයක නිරත නොවුණි. පසුගිය නිදහස් දිනයට පෙර උතුරු නැගෙනහිර ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය කිරීමේ විසඳුමක් තමා සතුව ඇතැයි රටට හැඟවු ජනාධිපතිවරයා මේ මොහොතේ උත්සහ දරනුයේ ද කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට බව ඉතාමත් පැහැදිලි කරුණකි.එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට හැකිවේද යන්න සැක සහිත වූවකි.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටී.නමුත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීමයි.එවැනි යෝජනාවක් නැතිතැන ප්‍රතිචාර දක්වන්නෙ කුමකටද ? ජනාධිපතිවරයාට මෙම ගැටළුවට විසඳුම් සෙවීමට අවංක අභිලාශයක් ඇත්නම් කළ යුත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමග එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් ඉදිරිපත් කිරීමයි. එය ආණ්ඩුවේ වගකීම මෙන්ම යුතු කමයි.

එවැනි යෝජනාවක් නොමැති තැන රජයේ ස්ථාවරය ද අපැහැදිලිය.රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකොට විපක්ෂයේ අදහස් ඉල්ලා සිටීම නිරර්ථක වූවකි.රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බව අවධාරණය කරමු.

තවද මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍ය මූලික කරුණ වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම පිහිටුවීමයි.බලය විමධ්‍යගත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදීව පළාත් සභාවට පත් වූ මහජන නියෝජිතයන්ගේ මතය සහ අදහස් ලබා ගැනීම ඉතාම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය වූ කරුණකි.දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්‍රීවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින් මෙහෙයවමින් සිටී.

මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති අතර බලය බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට ද එය ප්‍රධානතම බාධකයක් බවට පත්ව ඇත.එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට මූලිකව ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් පළාත් සභා සියල්ල පිහිටවිය යුතු බව අවධාරණය කරමු.

රංජිත් මද්දුම බණ්ඩාර
මහලේකම්,
සමගි ජන බලවේගය

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan