ඔබත් දුරකතන අලෙවි කරන්නේ ලයිෂන් ඇතිවද ?

Date:

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

දුරකථන අලෙවි කරන ආයතනවලට නිසි බලපත්‍ර ලබා නොගෙන මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පැවසීය. ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක(100,00) දඩ මුදලක් වුවත්, සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

පසුගිය සමයේදී දුරකථන වෙළෙඳසල් ලියාපදිංචි නොවීම ඉහළ ගිය බැවින් දුරකථන අලෙවිය නියාමනය කිරීමට කොමිසම හට අපහසු වී තිබීම මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට හේතුව බව අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසූ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියේ ලියාපදිංචිය ලබාගන්නා වෙළෙඳසල් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත ජංගම දුරකථන පමණක් අලෙවි කළ යුතු බව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?