ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් ධානිෂ් අලී රිමාන්ඩ්

Date:

විදෙස්ගත වීම සඳහා සූදානමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළදී පෙරේදා (26) අත් අඩංගුවට ගත් ධානිෂ් අලී නම් අරගලරුවා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු ඊයේ (27) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුව අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

කුරුණෑගල පදිංචි 31 හැවිරිදි අයෙකු වන ධානිෂ් අලී පසුගිය 13 වනදා ජාතික රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අයෙකු වන අතර ජුනි 09 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...