පුස්සැල්ලාව රයිලන් තේ කර්මාන්ත ශාලාව ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශයට පත්වෙයි

Date:

පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රයිලන් පුද්ගලික තේ කර්මාන්ත ශාලාව (26) දින රාත්‍රීයේ ගිනි ගැනීමටකට ලක්ව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.

ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාව, එහි උපකරණ හා සැකසීමට රැගෙනවිත් තිබු තේ දලු ඇතුළු භාණ්ඩ රැසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ගොස් තිබිණි.

ගිනි නිවන රථ තේ කර්මාන්ත ශාලාවට විශාල දුරකින් පිහිටි මහනුවර නගරයේ පැවැතීම හේතුවෙන් කර්මාන්තශාලාවේ හටගත් ගින්න නිවා දැමීමට නොහැකි වු බව වතු කම්කරුවෝ පවසති.

මෙම ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැත.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ පිළිබඳව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පුස්සැල්ලාව පොලීසිය පියවර ගෙන තිබේ.

ක්‍රිෂාන්තන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...