නොවැම්බර් තෙක් පාසල් නිවාඩු අවලංගුයි – ලබන සඳුදා සිට අඛණ්ඩව පාසල් පැවැත්වීමේ තීරණයක්

ලබන සඳුදා සිට අමතර නිවාඩු නොමැතිව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමත්යන්ශයසලසුම් කර තිබේ.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස නිවාඩුව අවලංගු කර ඇත.

නිවාඩු අවලංගු කර අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති අතර ප‍්‍රමාද වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමටත් තීරණය තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප‍්‍රධාන විෂයන් 24ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිතව විශ්වවිද්‍යාල පද්ධතිය මගින් පුහුණු සැසි පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන්.

පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ පැවති කොරෝනා තත්වය සහ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුකොටගෙන නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගත නොහැකිවූ දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...