දූෂණ විරෝධී ඒකකයේ කොස්තාපල්වරයෙකු සියදිවි නසාගෙනැයි සැකයක්!

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ LNW :

පොලිස් කොස්තාපල්වරයෙකු තම නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි සැක කෙරෙන සිද්ධියක් වාර්තා වන අතර, පොලිසිය පවසන පරිදි, මියගිය නිලධාරියා පානදුර වලාණ දූෂණ මර්දන වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ අයෙකි.

අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර, එහිදී අදාළ කොස්තාපල්වරයා තමා සතුව තිබූ T-56 වර්ගයේ ගිනි අවිය භාවිතයෙන් වෙඩි තබාගෙන ඇති බවට වාර්තා වේ.

වෙඩි තබා ගැනීමෙන් බරපතල තුවාල ලැබූ නිලධාරියා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මියගිය තැනැත්තා පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...