ඉන්දියාවේ උෂ්ණත්වය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාව පුරා ව්‍යාප්ත වන අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.

මේ සම්බන්ධයෙන් විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම මරණවල සැබෑ ප්‍රමාණය නිල වශයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි.

විශේෂඥයන් සඳහන් කරන්නේ ඉන්දියාවේ නිල දත්තවලට අනුව 2025 වසරේ උණුසුම හේතුවෙන් මරණ 84ක් පමණක් වාර්තා වී තිබුණද, සැබෑ සංඛ්‍යාව ඊට වඩා දහස් ගුණයකින් වැඩි විය හැකි බවයි. බොහෝ අවස්ථාවලදී මරණ හේතුව ලෙස උණුසුම නිසි ලෙස සටහන් නොවීම හේතුවෙන් මෙම අඩු වාර්තාකරණය සිදුවන බවද ඔවුන් පෙන්වා දෙයි.

2026 දී ප්‍රකාශයට පත් කළ පර්යේෂණයකට අනුව, ඉන්දියාවේ එක් දිනක දැඩි උෂ්ණ තරංගයක් පමණක් දළ වශයෙන් අතිරේක මරණ 3,400ක් ඇති කළ හැකි අතර, දින පහක් පුරා පවතින උෂ්ණ තරංගයකින් මරණ 30,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවිය හැකි බව ඇස්තමේන්තු කර ඇත.

ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් සියයට 90කට ආසන්න පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරන බැවින්, ගොවීන්, ඉදිකිරීම් කම්කරුවන්, වීදි වෙළෙඳුන් සහ අනෙකුත් එළිමහන් සේවකයන් දැඩි උෂ්ණත්වයට සෘජුව නිරාවරණය වේ. දුප්පත් ප්‍රජාවන්ට සෙවන, පිරිසිදු පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් සීමිත වීම ඔවුන්ගේ අවදානම තවදුරටත් ඉහළ නංවයි.

මේ අතර, ඉන්දීය රජය ජනතාවට ප්‍රමාණවත් ජලය පානය කිරීම, දහවල් කාලයේ අනවශ්‍ය ලෙස එළියට නොයාම සහ හීට් ස්ට්‍රෝක් ලක්ෂණ පෙනී යන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...