සටහන – පුලී
ජූලි 29, LNW (කොළඹ): ඇමරිකානු ජනප්‍රිය ගායිකා සහ ගීත රචිකාවිය වන Madison Beer සිය ආදරණීයයා වන Los Angeles Chargers කණ්ඩායමේ සුප්‍රසිද්ධ ක්වාටර්බැක් ක්‍රීඩක Justin Herbert සමඟ විවාහ ගිවිසගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය විවාහ යෝජනාවේ සුන්දර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් මෙම යුවළ, ඒ සඳහා “meet my fiancé” යන කෙටි සටහනක් ද එක් කර තිබුණි. එම ඡායාරූපවල Herbert දණ ගසා මුද්දක් පිරිනමන ආකාරයත්, Beer සිනහවෙන් පිරුණු මුහුණින් එම යෝජනාව පිළිගන්නා අයුරුත් දැක්වේ.
28 හැවිරිදි Justin Herbert සහ 27 හැවිරිදි Grammy සම්මානයට නිර්දේශ වූ Madison Beer ප්‍රථම වරට යුවළක් ලෙස මහජන අවධානයට ලක්වූයේ 2025 අගෝස්තු මාසයේදීය. ඉන් අනතුරුව Beer, Chargers කණ්ඩායමේ තරග රැසක් නැරඹීමට පැමිණි අතර, දෙදෙනාම Los Angeles Dodgers සහ Lakers තරගවලදීද නිතර එකට දැකගැනීමට ලැබුණි.
Justin Herbert හෙට (30) ආරම්භ වන Chargers කණ්ඩායමේ සිය හත්වැනි NFL වාරයේ පුහුණු කඳවුරට එක්වීමට නියමිතය. කණ්ඩායම සමඟ තවමත් ශූරතා මුද්දක් දිනා නොගත් ඔහු, මෙවර පිටියට පිවිසෙන්නේ ජයග්‍රහණයේ මුද්දක් නොව, ආදරයේ මුද්දක් ද අතැතිවය.

