*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ගැටවර ගැටවරියන්ගේ කොළොම්ඹියා ගමණ කොළඹින් නැවත්වූ බලධාරීන් ඉල්ලා අස් නොවේ..

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින් පලදායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට කොළොම්ඹියාවේ පැවත්වෙන ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වීම බලධාරීන් විසින් නියමිත පරිදි සංචාරයට අවශ්‍යය ලිපි ලේඛණ සකසා ප්‍රවේශපත් සකස් නොකිරීම නිසා වැළකී ගොස් ඇත.

ඒ අතරින් ⁣තරුෂි කරුණාරත්නට සහ හිරූෂ හෂාන්ට සියලු අනුග්‍රහයන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් දරා තිබියදී මේ අවස්ථාව අහිමි වී ඇත.ඔවුන් දෙදෙනා පමණක් සහභාගි කරවීමට හෝ අඩුම තරමේ ඒ සමඟ යා යුතු නිලධාරීන් දෙදෙනාට හෝ ආසන වෙන් කිරීමක් කිරීමට මලල ක්‍රීඩා සංගමය අසමත් වී ඇත.

අප වීසා ඇත – ටිකට් නැත යනුවෙන් මේ සම්බන්ධයෙන් මීට පෙරද පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යංශයවත්,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවවත් අසමත් වී ඇත.නමුත් රටක් නියෝජනය කරමින් රටක අනාගත ක්‍රීඩාවට අදාළ ක්‍රීඩක පිරිසකට ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට අවස්ථාව නොලැබීම ගැන මලල ක්‍රීඩා සංගමය රටෙන් සමාව ගත යුතු වුව ද එය සිඳු නොවනු නැත.එසේම වරද පිළිගෙන ඉල්ලා අස්වීම හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඒ ගැන පරීක්ෂණයක් කිරීම හෝ සිදු වූ දේ ගැන සළකා වාරණයක් පැනවීම හෝ සිඳුවන්න විදිහක් ඇතැයි සිතීමද උගහටය.

මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා අවශ්‍යය මැදිහත්වීම කිරීමට ශ්‍රී ලංකාවේ සිට නොමැත.ඒ ඔහු ඇමෙරිකාවේ පැවති ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය නැරඹීමට ආරාධනා ලැබ සහභාගි වී සිටි බැවින්ය.මේ ගැටළුව මතු වෙද්දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉහළ මැදිහත්වීමක් කරන්නට එහි ප්‍රධානියාද නැත.ඔහු කණ්ඩායම් කළමණාකාර තනතුරක් ලබා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේය.

නමුත් ඔවුන් දෙදෙනා යම් අයෙකුට මේ සම්බන්ධයෙන් බලය පවරා යා යුතුය.එසේම නව තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමේ හැකියාවද ඇත.තවත් ආනාරයකට කොළොම්ඹියාව වැනි රටකට යන්න පෙළ ගැසෙන්න නිලධාරීන්ද එතරම් කැමති නැත.මෙය ඇමෙරිකාවෙ හෝ එංගලන්තයේ වූවානම් නිරීක්ෂකයෝ ද එකතු වෙන්නට තිබිණි.එසේ වූවානම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනා මේ වන විට කොළොම්ඹියාවේ වෙන්නටත් තිබිණි.

ගැටළුව ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ටය.දින ගණනක් සිය දෙමව්පියන් ද සමඟ ටොරිංටනයේ රැදී සිටිමින් කට්ට කා ඔවුන් නිවෙස් බලා යනු ඇත.සමහර විට යළිත් ඒ දරුවන්ව ක්‍රීඩා පිටියේ අපට දකින්නට ලැබෙන එකක් නැත.ඔවුන් ද,ඔවුන්ගේ දෙමව්පියන් ද ක්‍රීඩා කරන්නට ගත් තීරණය වෙනස් කරන්නට ඉඩ ඇත.ඒත් මේ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් ක්‍රීඩා පරිපාලකයන්ට කිසිවක් සිඳු නොවෙනු ඇත.

“ඒ ගොල්ලො යාළුවො මල්ලි” කියන්නට ඇත්තේ රන්ජන් රාමනායකගේ කතාවය.ජීවිතේ යළිත් මේ ක්‍රීඩකයන්ට කණිෂ්ඨ විය නොහැකිය.එයට වයස් සීමාවක් ඇත.මේ ඔවුන්ගෙන් උදුරා ගත්තේ ඒ අවස්ථාවය.ඒත් එයට වග කියන්නට කෙනෙක් හමුනොවනු ඇත.ඒ ශ්‍රී ලංකාවේ හැටිය.ලංකාවෙ ක්‍රීඩාව ගමන් කරන්නෙ ක්‍රීඩකයාගේ උවමනාව මත නොවේය.පාලකයාගේ රුචිකත්වය මතය.එය විශාල අශෝභන එකක් වුව,එයට හානියක් වීමට ඇති ඉඩ අල්පය.

පහතින් දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අපේ පෙර සටහනය.
RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan