රුපියලේ අවප්‍රමාණයවීම තාවකාලිකයි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රුපියලේ අවප්‍රමාණයවීම තාවකාලිකව ඇතිවූ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර, ඉල්ලුම හා සැපයුම මත එහි වටිනාකම තීරණය වීමට ඉඩ ලබාදුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,

“අපි ඩොලරයට හා රුපියලට ඉල්ලුම සැපයුම මත වටිනාකම තීරණය වෙන්න ඉඩදීලා තියෙනවා. අපි දකිනවා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඩොලර් මිලියන 750ක් විතර තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරනයේදී සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවන්න කටයුතු කරන්න කියන එකට තමයි එකඟවුණේ. ඩොලර් තැන්පතුවලින් තමයි ඔවුන් මේක මිලදී ගත්තේ. එතකොට තැන්පතුකරුවන්ට අවශ්‍ය කාලයේදී බේරීම සඳහා මේ ප්‍රමාණය ඩොලර් රැස්කර ගන්න බැංකුවලට යම් අවශ්‍යතාවයක් පැන නගිනවා. ඒ නිසා බැංකු මෙතෙක් තමන්ට ලැබුණු ඩොලර් වෙළෙඳපොළට මුදාහැරීම යම් ප්‍රමාණයකට සීමා කරන්න පුළුවන් මේක රැස්කර ගැනීම සඳහා. ඒ වගේම වෙළෙඳපොළෙන් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රුපියල අවප්‍රමාණය වීම හා ඩොලරයේ අගය වැඩිවීම සිදුවුණේ පසුගිය දින කිහිපය තුළ. මේ තත්ත්වය ඉල්ලුම සැපයුම මත ඇති වුණ තාවකාලික තත්ත්වයක්.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...