මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව පච වීම පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

ඒ, අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මනෝජ් ගමගේ මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

” උගුරට හොර බෙහෙත් බොන්න අවශ්‍ය නෑ. පනත ගේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට හෝ සිරිසේන මහත්තයට හෝ චන්ද්‍රිකා මැතිණියට හෝ එහෙම නැත්නම් ගෝඨාභය ජනාධිපතිතුමාට රිද්දවන්නවත් ඔවුන්ගේ වරප්‍රසාද ඉවත් කරන්නවත් නෙවෙයි. මේ පනතේ මූලිකම අරමුණ වන්නේ අදටත් ජාත්‍යන්තර නායකයන්ගේ මේ රටේ ජනතාවගේත් කීර්තිය දිනාගෙන සිටින අදටත් මේ රටට එන රාජ්‍ය තාන්ත්‍රිකයින් පවා මුණගැහෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාව කොහොමින් හරි කොළඹින් ඉවත් කරලා මැදමුලනට යැවීමේ ක්‍රියාන්විතයේ පනත් කෙටුම්පතක් තමයි ආණ්ඩුව විසින් ප්‍රසිද්ධියට පත්කරලා තියෙන්නේ. මේ කෙටුම්පතට ජනාධිපතිගේ හිමිකම් ඉවත් කිරීමේ පනත කියනවා වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදමුලනට යැවීමට උත්සහ කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි කියල දැම්ම නම් මම හිතන්නේ මීට වඩා හොඳයි. මොකද ඒක තමයි මේ ආණ්ඩුවේ අරමුණ. මට මෙතැනදී මතක වෙනවා සුභාෂිතයේ තියෙන කවියක්.
අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගද
දිගත පතල සුවදැති සොඳ සුදුන් කඳ
සිදිත මඩිත පැතිරෙයි එක ලෙස සුවද

ඒක නිසා අපි නැවතත් මතක් කරලා කියනවා මේ ආණ්ඩුවට මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න, මහින්ද රාජපක්ෂව එලවන්න උත්සහ කරන්න කරන්න මේ ආණ්ඩුව පච වෙනවා. වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ.” යනුවෙන් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...