යාපනය සිට පොතුවිල් දක්වා වෙරළාසන්න මුහුද ඉතා රළු වෙයි: කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම්….

රෂිකා හෙන්නායක අගෝස්තු 01 , කොළඹ LNW :

දිවයිනට බස්නාහිර දෙසින් පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන් යාපනය සිට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. මේ හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු ධීවර රැකියාව සඳහා පිටත්ව යාම අතිශය අවදානම් බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි එම කටයුතුවලින් බැහැර වන ලෙසත්, මේ වන විට මුහුදු ගොස් සිටින යාත්‍රා ඇත්නම් කඩිනමින් හා ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා දැනුම් දී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...