විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා අධික පිරිවැයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාලව යෝජනා කැඳවා ටෙන්ඩර් ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබු අතර එහිදී ඊට ඉදිරිපත්වූ බොහෝ ටෙන්ඩර්කරුවන් එම ටෙන්ඩරයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කර ඇති  බව සඳහන්.

එහිදී ,අදාල ටෙන්ඩර අහෝසි කර අලුතින් ටෙන්ඩර් කැඳවීමට විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්  මහතා කටයුතු කර ඇති අතර , විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

රටේ පවතින ආර්ථික තත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත්  අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ඊට අදාල කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් තීරණය කර ඇත.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවත් , අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බවත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...