*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

රගර්,නීතිය සහ දේශප්‍රේමය

ශ්‍රී ලංකා රගර් ක්‍රිඩාවේ මෑත ඉතිහාසය ගෙවී ගියේ ඊට සම්බන්ධ ආදරණීයන් රොඳ බැද රගර් අලුත් දිහානතයකට රැඟෙන යාමට දරණ උත්සාහයන්ගෙන් පුරවාගෙනය.ඒ විවිධ බාධා කිරීම් මැදය.බාධාවන් කොච්චර දැවන්ත වුව ද රගර් නීත්‍යාණුකූලව,වංචාවන්ගෙන් සහ දූෂණයන්ගෙන් තොරව පෙරට ගියේය.එ් නිසා දේශපාලකයන් සහ ඔවුන්ව යොදා ගෙන රගර් ප්‍රේමීන්ගෙන් සහය නොලබන්නෝ එක්ව ඊට විවිධ බාධා කළහ.වැඩ කිරීමට ඇති කාලය උඳුරා ගත්හ.එහෙත් නීතියෙන් සකසා ගත් ඉඩ හරහා ඔවුහූ ලද සුළු කාලය තුළ වෙනත් අය නොකරපු දේ කළහ.ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා ගොඩ නඟා ගත්හ.සියලු තරගාවලි සංවිධානය කර මෙහෙයවූහ.ජාත්‍යන්තර වශයෙන් හොඳම දස්කම් දක්වන මට්ටමට කණ්ඩායමේ දක්ෂතා ඉහළට ගෙන ආහ.එසේම ස්වාධීනත්වය වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ හෝ පසු නොබෑහ.
ඇත්ත එබඳුය.නමුත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ලෙස අරුත් ගැන් වුව ද මෙහි සුක්කානම දරා සිටින්නේ සිංහල බෞද්ධ ඡන්ද පිනවීම දේශීයත්වය යැයි සිතා ගෙන සිටින නියෝජිතයන් රැළකි.රනිල් වික්‍රමසිංහ ද එහි බලය මත තම නායකත්වයේ ආයුශ රැඳෙන බව දන්නා නිසා බොහෝ තැන්වල ඒ නූල් මත පැටළුණු රූකඩයකි.මේ රූකඩවලට තවමත් රගර් ප්‍රශ්නයේදී හසුරුවන්නට නොහැකි වූයේ අධිකරණය පමණි.එහි ඇති උත්තරීතර බව රැක ගත් විනිසුරුවන් කෙරෙහිද යම් යම් බලපෑම් එල්ල නොකරන්නට ඇතැයි සිතිය නොහැකිය.නමුත් ඉතිහාසයේ ඇති ඇතැම් විනිසුරු ඛේදාන්ත සම්බන්ධ කරුණු සළකා බලද්දී මෙහිදී දකින්නට ලැබෙන්නේ, අසාධාරන ලාභ ප්‍රශංසාවලට එහා ඇති මනුස්සකමේ සහ සාධාරණත්වයේ සහ යුක්තිගරුකභාවයේ ගුණ සුවඳ කෙරෙහි ලොල් මිනිසුන් ආශිර්වාදයක් සේ නීතිය සුරැකීම පෙරමුණේ තබා වෙහෙසෙන්නෝය.
ඒ නිසා විවිධ බාධා කිරීම් මැද රගර් ණය බරින් නිදහස් කර ගනිමින්,ආණ්ඩුවේ දේශපාලකයින් සමඟ රගර් ව්‍යවස්ථාවට පිටින් එක්ව බලපෑම් කළ ජාත්‍යන්තර සංගම් වලට නොනැමී මෙන්ම මේ වන විට තවමත් ඉදිරියට ඇඳෙන සිංහල බෞද්ධ ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප වන සුළු ජාතිකත්වයේ බලය යන කාරණා සියල්ල ඉදිරියේ මේ වසර කිහිපය තුළ විශාල වැඩ කොටසක් කිරීමට ශ්‍රී ලංකා රගර් වෙත ලැබුණ ප්‍රධානම ආශිර්වාදය නීතියේ ස්වාධීනත්වයය.එ් පිළිබඳ විවිධ පාර්ශව තමන්ගේ පැත්තෙන් සිතා විවධ උත්සාහයන් දරණ බවටත් විවිධ බලපෑම් මඟින් රගර් හී ස්වාධීනත්වය බිඳ දමන බවටත් පතුරුවන කතාවන් සත්‍යයක් නොවන බව විශ්වාස කළ හැක්කේ මෙම කරුණේ දී වන්දනීයත්වයට පත් අධිකරණයේ ගෞරවය සහ ස්වාධීන්තවය ගොහොරුවේ ඔබා දැමීමට වඩා ගොහොරුවක් පිපි නෙළුමක් සේ ම රඳවා ගන්නට නීතියේ ආධිපත්‍යය කටයුතු කරනු ඇතැයි සිතෙන බැවිනි.
ආසියානු රගර් පරිපාලනයත්,ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියත්,ඒ පදේට නටන රාජ්‍ය නිලධාරී රූකඩත්,ශ්‍රී ලංකා රගර් හී පරිපාලනයට නිලවරණයකින් පිවිසෙන්නට නොහැකි තරමට ජනප්‍රියතාවය සහ විශ්වාසය සිඳගත් රගර් වටා සිටින පිරිසකුත් ප්‍රධාන කොට අභියෝග කරන්නේ ශ්‍රී ලංකා රගර් හී සාර්ථකත්වයට මුල් වි කටයුතු කරන සභාපතිවරයා එම අසුනෙන් පැන්නීමටය.ඒ ගැන එන්නේ වචනවල දමා ගැසීම්ය.වගකීමකින් තොරව වචනත් අකුරුත් භාවිතයට ගෙන ඇන ගැනීමේ පිකාසෝ කෙනෙක් වී ඇති ක්‍රීඩා අමාත්‍යවරයා විෂය ප්‍රවීනයෙක් නොවන අතර ඔහු උපදෙස් ගන්නා ප්‍රවීනයැයි කියා සිතන පිරිස් සැබෑ ක්‍රීඩා පොළවේ ප්‍රවීනත්වයට පත්ව සිටින්නේ ඇරියස් ආවරණය කරන්නන් හැටියටය.
දැන් වර්ථමාන ශ්‍රී ලංකා රගර් සභාපතිට එරෙහිව චෝදනා දඩුවම් දෙන ආසියානු සභාපතිවරයා ද ඒ සම්බන්ධ හේතුව හෙළිදරව් නොකරයි.පරීක්ෂණයක් නොපවත්වයි.භාවිතයට ගන්නේ ආසියාවේ සභාපතිවරයා ලෙස තමන්ට ඇති බලය අත්තනෝමතික ලෙස යොදා ගැනීමයි.ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නට සභාපතිවරයා අසළන්ම සිටින ශ්‍රී ලාංකේය සඟයා වන හිටපු රගර් සභාපතිවරයෙක් වන අසංග සෙනවිරත්න ද උත්සාහ නොකරයි.ඊට ද හේතුව වන්නේ ගැටළුවේ මුල හේතුව විග්‍රහ කිරීමේදී අසංග ඊට ඇතුළත් වීමය.නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ආසියානු සභාපතිවරයා හා එක්ව අසංග සෙනවිරත්න රගර් උපදේශක කමිටුවක් පත් කර එහි සභාපතිවරයා ලෙස නම් කිරීම මෙම දේශපාලන සහ ආසියානු අර්බූදයේ මූලයය.
අසංග සභපතිවරයාව සිටියදී ශ්‍රී ලංකාවට විදේශිකයන්ව යොදවා ක්‍රීඩා කිරීම නිසා බරපතල වරදක් කර ඒ හේතුවෙන් අදටත් ගෙවන පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකා රගර් යටත් කරන්නට මඟ පෑඳු පුද්ගලයාය.ඉතිං ආසියානු සභාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රගර් ව්‍යවස්ථාවේ රගර් පරිපාලනයට අයත් බලයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් උපදෙස් දෙන ප්‍රධානියා හැටියට ශ්‍රී ලංකා රගර් පරිපාලනයට පත් කරන්නේ ඔහුය.
මෙහි දිගුවක් ලෙස ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර ඇති වන පෞද්ගලික සංවාදයකදී ශ්‍රී ලංකා සභාපතිවරයා, ආසියානු සභාපතිවරයාට දොස් පැවරීම නිසා සිඳුවන්නේ ආසියානු සභාපතිවරයා තමන්ගේ බලය අත්තනෝමතික ලෙස යොදා ශ්‍රී ලංකා සභාපතිවරයාට තහනමක් පැනවිමය.ඒ තහනම පැනවීමේ හේතුව සෙවීම වෙනුවට වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයා ද සිදු කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් මේ රටින් පිටුවහල් කළ යුතු දේශද්‍රෝහියෙක් තරමට පතුරු ගසමින් ශ්‍රී ලංකා රගර් සභාපතිව විවේචනය කිරිමය.
මේ කතාවේ ඉමක අප දැන් යෝජනා කරන්නේ අතිශයින් සරල මිනිසෙක්ගේ යෝජනාවය.එයනම් සෘජුව, නීතියට අනුව මෙන්ම තමන් භාරගත් පරිපාලනය දහසකුත් බාධා කිරීම් මැද ක්‍රීඩාවේ උන්නතියට සහ ව්‍යාප්තියටත්,ක්‍රීඩක දක්ෂතා ඉහළට ගෙන ඒමටත්,ණය බර අඩු කිරීමටත් නායකත්වය දීම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයාම රටින් පිටුවහල් කළ යුතු දේශද්‍රෝහීත්වයක් ලෙස හංවඩු ගසනවානම්,තමන්ට ඇති පණතේ බලතල යනුවෙන් උපුටා ගත් ඡේද ගෙන පසුපසට ඇද තහනම් නියෝග ගෙන එනවානම් තව දුරටත් මෙවැනි පිරිහුණු මිනිසුන් සමඟ පැටලී නොසිට ඉවත්ව සිට ගැල දැක්කීමට මිනිසෙක් වෙනුවට ගොනෙක්ම යොදා ගන්න දී පසෙකට විය යුතු බවය.
එසේ නැතිනම් පෞද්ගලික තරහ මරහා,නීතියට අවනතව කටයුතු කිරීම යනු තමන්ගේ අභිමානයට කැළලක් ලෙස සිතන මිනිසුන් සමඟ මේ ගමන යාම වෙනුවට සභාපතිවරයාගේම දර්ශනය පෙරට රැඟෙන යාම ඔහු නැතුවත් සිය කණ්ඩායම ඉදිරියට කරගෙන යා නම් ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා ද,අසංගලාට එයින් බලයක් ලබා ගැනීමට ඉඩක් නැති වුණොත් රගර් කේෂ්ත්‍රයේ විශ්වාසය සහ ජනප්‍රියත්වය නැති පිරිස් ද,ආසියානු සභාපතිවරයා ද කරනු ඇත්තේ කීඩා අමාත්‍යවරයාට තවත් රටින් පිටුවහල් කළ හැකි දේශප්‍රේමියෙක් ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඉඩ දීමය.
රටේ පොදු ජනතාව ජාතීන් සහ ආගම් ලෙස බෙදමින් සිටින දේශපාලන න්‍යාය පත්‍රයක මේ වන විටත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති දෙස සිටම බලන හැටි ජාත්‍යන්තරයට හොඳ දර්ශනයක් නොවේය.ඒ බව ක්‍රිඩා ඇමති තේරුම් ගන්නේ නැත.නැත්නම් නොසළකා තවමත් ගෝඨාභය ජනාධිපතිකමට එන විට තිබුණ ගෝත්‍රික සමාජයම ඉතුරුව ඇති බව සිතීමක් ලෙස මේ ක්‍රියාවන් ජනතාව විසින් සිය දේශපාලනය තුළ ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර දමනවා ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා රටින් පිටුවහල් කළ යුතු දේශද්‍රෝහියෙක් යැයි රගර් සභාපතිවරයාව පතුරු ගසන තැන ඇත්තටම අමාත්‍යවරයා කළ යුතුව තිබුණේ කුමක්ද යන්න සිතා බැලිය යුතුය.ගැටළුවට හේතු සෙවීමය.ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකා රගර් ව්‍යස්ථාවට පිටින් බලපම් කර ඇද්ද? ආසියානු සභාපතිවරයා රටේ දේශපාලකයා සමඟ එක්ව පරිපාලනය කළ යුතු දේ සඳහා යෝජනා කිරීම වෙනුවට බලපෑමක් සේ පත්කිරීම් කිරීම නිවැරදිද?මේවා අනුමත කිරීමද අනුමත නොකිරීම ද රටින් පිටුවහල් කළ යුතු දේශද්‍රොහීත්වය සේ සැළකිය යුතු?
ඉතා සරල කාරණය එපමණය.ප්‍රශ්නය වටේ කැරකෙන්නේ එතැන සිටය.එසේ නැතුව රගර් පරිපාලනයේ මූල්‍ය කළමණාකරනය පිළිබඳව විනිවිද භාවයකින් කටයුතු කර නැද්ද?ලිංගික අල්ලස් ලබා ගැනීම් පිළිබඳව චෝදනා ඇද්ද? පැවත්වීය යුතු ක්‍රීඩා තරග නොපැවත්වීම ආදි යම් අකාර්යක්ෂමතාවය පීළිබඳව චෝදනාවක් ඇද්ද?අසාමාන්‍ය ලෙස රගර් හී මූල්‍යමය තත්ත්වය පහත වැටෙන ආකාරයට කටයුතු කර ඇද්ද? විගනන දෝෂ ඇද්ද?
ක්‍රීඩා සංගමයක් හෝ සම්මේලනයක් සාමාන්‍යයෙන් තහනම් කරන්නට බලපාන්නේ එවැනි හේතුය.නමුත් වත්මන් සභාපතිවරයාට ඇති ගැටළුව ලෙස ඉදිරිපත් කරන්නට ඉතුරුව ඇති එකම චෝදනාව එය පමණි.පත් කර තිබෙන ස්ථාවරකරණ කමිටුව මේ මොහොතේ ඊට අමතරව ව්‍යස්ථාවේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ ගැන කියවමින් සිටියද ඒ හැඩේ සහ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ කවරේද යන්න අද ඊයෙක පැමිණි කාරණයක් නොවන අතර එය රගර් පරිපාලනයට ඉදිරිපත් කර ව්‍යවස්ථාවේ අවශ්‍යය බහුතරය ලබාගෙන රගර් සමාජය තුළදී විසඳා ගත යුතු ප්‍රශ්නය.ඔවුන් තව දුරටත් උත්සාහ කරන්නේ අමාත්‍යවරයාට ද මැදිහත් නොවන සේ අධිකරණයෙන් දුන් නියෝග නිසා නීතිමය ගැටළු සේ වෙනත් කරුණු මතු කර ප්‍රශ්නය විසදුමකින් තොරව අධිකරණයේ තබා ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවිම වළක්වාලීමය.රටට පදක්කමක් ඒමට ඇති ඉඩට වඩා එවැනි තත්ත්වයක් ඉතිහාසයට එකතු වුවහොත් එ් සමඟ වත්මන් පරිපාලනයේ නම ඈදීම තව දුරටත් තමන්ගේ ප්‍රතික්ෂේපවිම පළල් කිරීමට හේතුවක් විය හැකි බැවිනි.මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ දේශප්‍රේමීයත්වයේ තර්කය ඒ කෙරෙහි බලපාන්නේ නැත.ක්‍රීඩා අමාත්‍යවරයාගේ සමයේ පදක්කමක් දිනූ බවට ඉතිහාසයට එකතු වීමට ඇති ඉඩට ඔහු විසින්ම තමන්ගේ බලය තුළ පෝෂණය කළ සර්පයන් දෂ්ඨ කරමින් ඇත.
මේ සියල්ල දෙස බලන විට රගර්ම න්‍යාය පත්‍රය වූ කල් හී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ අත්වන කළකීරීම්,සහ පසුතැවීම් ගැන උදාහරණ හැරෙන්නට අන් කිසිවක් මෙහි අවසානයේ ඉතුරුව නැත.ඒ සියල්ල හමුවේ පසුපසට පය නොතබමින් රගර් පෙරට ගෙන ආ නායකයෙක් ලෙස රස්ලි ඉල්ලියාස් තැබූ අභිත පියවර අදට වඩා හෙට ආදර්ශයට ගැනීමට හැකි තරුණ පරම්පරාවක් රගර් හී නිර්මාණය වනු ඇත.ඔවුන් හෝ සැබෑ දේශද්‍රෝහීන් සොයා පිටවහල් කළ යුත්තේ කවුද යන්න හඳුනාගන්නවා ඇත.ආසියානු තරගාවලියක යම් ජයග්‍රාහී බලාපොරොත්තුවක් පසුපසට දැමීමට මෙරට කිසිම පුරවැසියෙක්ට ද්‍රෝහීවන්ට නොහැකිය.එය සැබෑ රගර් ප්‍රේමී සමාජය ඉදිරියේ පරම්පරා පිටින් අපකීර්තියට අවනම්බුවට පාත්‍රවීම් දක්වා පෙරට ඇදනු ඇත.එය තේරුම්ගත හැකි කිසිවෙක් මේ මොහොතේ එවැනි උවමනාවන් සාක්ෂාත් කිරීමට එකඟ නොවනු ඇත.
වෙහෙස නොබලා වැඩ කර භෞතික වෙනස්කම් කළ හැකි වුවත්,අධ්‍යාත්මිකව මිනිසුන්ගේ කුහකකම්,තන්හාව,ඉර්ෂ්‍යාව,ජාතිවාදය වැනි පහත් දේ වෙනස් කිරීම අසීරුය.ඒවා ඇඟට නොව හදවතට දැනෙන දේ විය යුතුය.එය දැනෙන මිනිසුන් පැමිණෙන තෙක් මදක් ඉවසා පසුපසට විය හැකිනම් රගර් ක්‍රීඩාවට ඊටත් වඩා වෙනස් වූ බල පරාක්‍රමයක් සහිතව රගර් සමාජය ඔබව කැඳවා එනු ඇත.ඉතා ඉක්මණින් පරණ අය පැමිණ නැවත ණය පොත වැඩි කර,දේශපාලකයන් පිනවන ඉසව්වලට සැණකෙලි සංදර්ශන කරන විට රගර්වලට ආදරය කරන මිනිසුන් ක්‍රීඩා සමාජද ඉක්මවා අවශ්‍යය සැබෑ පාලකයා වෙනුවෙන් පෙරට එනු ඇත.පුළුවන්නම් එතකං ඉන්න.අපට දැනෙන සහෘද හැඟීම එයය.
රටක් වෙනුවෙන් වැඩක් කරන්න බැරිකම මෙන්ම කරන එකෙකුට නොකරන්න දීම ද අපරාධයකි.ශ්‍රී ලංකාවට මෙවැනි උදාහරණ කොතෙකුත් මෑථ කාලයේම ගත හැකිය.ආසන්නම උදාහරණය ආසියානු යොවුන් මලල කීඩා සූරතාවලියේ තේරිම් තරගවලට හෝ රිටි පැනීම ඇතුළත් නොකරන්නට මලල ක්‍රීඩා පරිපාලනය ගත් උත්සාහය නවතමින් තනිව තේරීම් තරගයට ක්‍රීඩා කර ඒ තරගාවලියට සුදුසුකම් ලද තුෂේන් සිල්වා ය.තේරීමෙන් පසුව සිඳු වූ සියල්ල සහ ඔහුගේ ජයග්‍රහණය දැන් රටට රහසක් නොවේය.එසේ සුදුසුකම් ලබා ගන්නට නොහැකි වූවේනම් එය කෙතරම් අපරාධයක් වනු ඇද්ද?
අනාගතයට කීර්තිමත් ඉතිහාසයක් තබා යන්නට වැඩ කරන වැඩිහිටියන් නැද්ද? දුකට කරුණ එයය.කුමන වෘත්තියක හිටියත්,කුමන වගකීම දැරුවත් මේ මොහොතේ රගර් පදක්කමක් දිනා ගැනීමට උත්සාහ කිරීමට පෞද්ගලිකත්වයෙන් බැහැරව වැඩ කිරීම දරුවන්ව අනාගතයට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් සමඟ රැඟෙන යන්නට දිරි දීමක්ය.මඟ කීමක්ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan