ආනයන ලිහිල් කරල පරණ ක්‍රමේට ප්‍රශ්න විසඳන්න බැහැ – ගම්මන්පිල

කොළඹ LNW:ඩොලරය ඉහළ නගිමින් තිබෙන්නේ තවදුරටත් ණය නොගෙවන පසුබිමක වන හෙයින් ණය ගෙවීම ආරම්භ කළ පසු තවදුරටත් ඩොලරය ඉහළ යාම අපේක්ෂා කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

”රු 285ට පහත වැටුණු ඩොලරය නැවත 325 දක්වා වැඩි වෙලා තිබෙනවා. තව දුරටත්‌ වැඩිවෙමින්‌ තිබෙනවා. ඩොලරය යළි ඉහළ යන්න ගන්නේ ආනයන සීමා ඉවත්‌ කිරීමෙන්‌ පසුවයි. ඩොලරය මෙතරම්‌ ඉහළ නැගලා තිබෙන්නේ ණය නොගෙවෙන පසුබිමකයි. 2022 වසරේ අපට ඩොලර්‌ බිලියන 7ක්‌ ණය ගෙවන්න තිබුණා. වසරකට ඩොලර්‌ බිලියන ගණනින්‌ ණය ගෙවන්න පටන්‌ ගන්තාම නැවත ඩොලරය රුපියල්‌ 370 දක්වාම ඉහළ යෑමේ අවදානමක්‌ තිබෙනවා. මූල්‍ය අරමුදල සමග අත්සන්‌ කළ ගිවිසුම අනුව ආනයන සීමා ඉවත්‌ කරන්න ආණ්ඩුවට සිදුවෙලා තිබෙන බවට කියන කතාවන්‌ බොරු. ගිවිසුමේ සඳහන්‌ චෙන්නේ ගිවිසුම බල පවතින වසර භතරක කාලය තුළ ක්‍රමානුකූලව ආනයන සීමා ඉවන්‌ කරන්න කියලා මිස සියල්ල මාස හතරකින්‌ ඉවත්‌ කරන්න කියලා නොවේ.

මේ ආර්ථීක අර්බූදයට මුහුණ දුන්නු ලොවම පළමු රට අපි නොවේ. මේ සෑම රටක්ම ආර්ථික අර්බුදයෙන් මිදුණේ දේශීය ආර්ථිකය සවිමත් කරලා දේශීය දේ මිල දී ගන්න ජනතාව පොළොඹවලා මිස ණයට මුදල්‌ අරන්‌ පරණ පුරුදු විදිහට ආනයනය කරලා නොවේ. ඒ නිසා අපි හැමදාමත් කිව්වා වගේ නැචත කියනවා. ජනපති රට බේරා ගත්‌ වීරයාට අන්දලා සමහරු අර්බුදයෙන් මිදුනා කියලා ජයපැන්‌ පානය කලාට අපි තවමත් අඳුරෙන්‌ අඳුරට යමින්‌ ඉන්නේ.” යනුවෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...