අපි ලස්සන දේවල් රැකගන්න බලමු!

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 04, (LNW) කොළඹ :

තරුශි සිය ජීවිතයේ මලල ක්‍රීඩාවට ප්‍රවේශවීම ගැන කතා කරද්දී සිනහමුසු මුහුණින් පවසන දෙයක් ඇත.ඒ වලල සම්ප්‍රාප්තිය සිඳු වූ ආකාරය ගැනය.වලලට මුලින්ම එන්නේ තරුශිගේ අයියා ය.හර්ෂ කරුණාරත්න වූ ඔහු ද මීටර් 800 ඉසව්වේ වත්මන් ජාතික සූරයා ය.වලලට හර්ෂ පසුපසින් එන තරුශිව එහි එනවාට පළමුව සිය අකමැත්ත ප්‍රකාශ කරන්නේ හර්ෂ ය.හේතුව තරුශි කුඩා දෙයටත් හඬන බවට හර්ෂ තුළ කිබෙන අදහසය.
අද තරුශි යනු තනිව හඬන්නියක් නොවේ.ඇය සමඟ හඬන්නට පමණක් නොව සිනා සෙන්නට ද රටක් තනා ගත් ක්‍රීඩිකාවක්ය.බැලූ බැල්මට ඉතා සිහින් ඇය ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවල් අතරේ හඳුන්වන ආකාරයෙන්ම මුතු ඇටයක්ය.රටක් හැටියට ගත් විට දූෂීත දේශපාලනය විසින් පළුඳු කර වටිනාකම හීන කර ඇති මුතු ඇටයට වටිනාකමක් දීය හැකි සුවිශේෂි මානව ශක්තීන් අතර කැපී පෙණෙන මුතු ඇටයක් හැටියට තරුශිව නම් කිරීම මුසාවක් නොවේය.


ආසියාවම හොල්ලා පෙන් වූ තරුශි ලෝකය ඉදිරියේ මුහුණ දුන් පරාජය තරුශිට පමණක් නොවේ ලංකාවට පමණක් නොවේ ආසියාවටම හඬන්නට කාරණයක්ය.තරුශි පළමු මූලික තරගයේ දී පරාජය වූ අකාරයේ තිබුණු ආසියානු සූරිය වන ඇයටත්,ආසියාවටත් ආගන්තුක මීටර් 800 ධාවන රටාවේම ඇය පරාජිතයන් අතර වටයේදී ද ගිලී ගියාය.පළපුරුද්දෙන් කළ යුතු පාලනය එක් තරගයකට පමණක් මුහුණ දී ඉගෙන ගන්නට දුෂ්කරය.සාමාන්‍යයෙන් තරුශි ධාවනය කරන විලාශයටම ධාවනය කළේනම් මේ තරග දෙකේම තරුශි වාර්තා කරන කාලය මීට වඩා යහපත් වන්නට තිබුණු බව අපි දනිමු.

එහෙත් වෙනත් පොකුරක් සමඟ තමන්ට අනන්‍ය වූ රිද්මයක් ආරක්ෂා කර ගැනීම දුශ්කරය.සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළපුරුද්ද මඟින් උපයාගන්න ප්‍රයෝගයන් මලල ක්‍රීඩා ඉසව්වලදී පමණක් නොව වෙනත් ක්‍රීඩාවලදී ද භාවිතයට ගෙන තමන්ට පහසු රිද්මයට තරගයම රැඟෙන එන අවස්ථා ඇත.එහෙත් තරුශි කරුණාරත්නට තවමත් අවුරුදු 19 කි.ඇයට ඇයගේ ශක්තියට සහ ජවයට අමතරව ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් පාලනය කළ හැකි බුද්ධියක් සකස් කර ගත හැකි අත්දැකීම් සමුදායක් නැති බව අපි කවුරුත් දන්නෙමු.


මෙතනදී බොහෝ අයට ඇති වන ප්‍රශ්නය තරුශි ඇයගේ හොඳම කාලයන්ට නොපැමීණීමය.ඇය සිය උපරිමයට එ්මට පවත්වා ගෙන යන රිද්මය මෙහිදී ඇයගෙන් ගිලිහෙන්නේය.ඒ රිද්මය පළමු කොට සිරුරටත්,සිරුරෙන් යැවෙන පණිවිඩ ඔස්සේ මනසටත්,යළි මනසින් ලැබෙන මන්දෝත්සාහී පණිවිඩ ඔස්සේ සිරුරටත් ලෙස තව කෙනෙකුගේ රිද්මයට හසු නොවන තත්ත්වයට පත් වන්නේය.

යුරෝපයේ සහ ලෝකයේ ඉහළම තරගකාරී රටාවන් හී හැල හැප්පී අත්දැකීම්වලින් තෙම්පරාදු වන්නට තරුශිට හැකියාව ලැබුණේ නැත.මේ තරගයේ මීටර් 800 දුවන ක්‍රීඩිකාවන්ගේ වයස මෙන්ම අප පවසන තරග රටාවේ අත්දැනීම් තරුශීට වඩා විසුරුණු පැතිරුණු ඒවා බව අපි මෙහිදී අමතක නොකළ යුතු වන්නෙමු.තරුශි ද කියවාගත යුත්තේ එයමය.වවුලෙක්ගෙ මඟුල් ගෙදර ගිය මනුස්සෙක් සේ තමන් පෙණුනා හැරෙන්නට වවුල්ලු කරන දේ කර වවුලෙකු සේ පෙනී සිටින්නට තරුශිට නොහැකි විය.ඒ නිසා ඒ මංගල්ලයේ සතුට සපුරා භූක්ති විඳින්නට තරුශිට නොහැකි වූවා හැරෙන්න ඔලිම්පික් සටනේ කිසිඳු හානියක් තරුශිට සිඳු වී නොමැත.


වඩාත් වැදගත් ඉදිරිය ගැන සිතීමය.පරාජය වූ විට අයියාට වදයක් වූ නංගිගේ හැඩීම තමන්ටම වදයක් වන තරමට කරන්නට තරුශීට නොසිතෙන්නේනම් ඇය මිනිස් පරාණයක් නොවේය.ඇත්ත එ’බඳුය.ඒත් පරාජයකදී වැටෙන කළු ස්ථිර පාසි සේ තමන්ගේ ජීවිතය තුළ අලවා නොගත යුතුය.පාසි බැඳුණු මං වල ගමන අසීරුය.ලිස්සන්නේය,ඉලක්ක පමා කරන්නේය.ඒ නිසා මේ පරාජයන් සමඟ කඳුළු වැටුණේනම් ඒවා මහා ප්‍රවේගකාරී කර පරාජයේ මතක පාසි ගලවා දමන තරමට විය යුතුය.යළිත් පෙරට යන්නට මඟ පැහැදිළිව සකසා ගත යුතුය.


ජයවේවා තරුශි! ඔබ තවමත් පටන් ගත්තා විතරය.ඒ මුල පරාජය නොවී සිටින්නට තරම් ඔබ වැඩී නැත.ඒ නිසා පරාජය විය හැකිය.එහෙත් බිඳ වැටෙන්නට බැරිය.නැඟිට එන්න.අපි දුවමු.පැමිණි දුරට වඩා බොහෝ දුරක් ඔබට ඉතිරිව ඇත.


මේ ඇයගේ ජයග්‍රාහී මොහොතක් නිශ්චලව උපුටා ගත් ඡායාරූපයක්ය.තරුශිගෙන් අපිට අහන්න තියෙන්නේ එක දෙයකි.මෙච්චර ලස්සන හිනාවක් තියෙද්දි හඬන්නේ කුමටද?අපි ලස්සන දේවල් රැකගන්න බලමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...