ජනාධිපතිගේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලට ෆොන්සේකාගෙන් දැඩි කොන්දේසි! (VIDEO)

Date:

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් වෙනුවෙන් ජනධිපතිවරයා කර තිබෙන ආරාධනය අනුව එම සාකච්ජාවට තමන්ද යන අතර පිළිගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා තම ස්ථාවරය දැඩිව ප්‍රකාශ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (05) බන්ධනාගාර ගත කර කර සිටින අරගලකරුවන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව හදිසි නීතිය ඉවත් කළ යුතු බවත්,මර්දනය නතර කළ යුතු බවත්,අරගලයට සම්බන්ධව සිටි දැනට අත්අඩංගුවේ පසුවන සියලු දෙනා නිදහස් කළ යුතු බවත් තමන් ජනාධිපතිවරයාට පැහැදිලිව ප්‍රකාශ කරන බවයි ෆොන්සේකා මහතා කියාසිටියේ.

එමෙන්ම රට වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවට වැටහුනොත් පමණක් ඊට සහය දෙන බව මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...