ගිනි ගැනීම් නිසා නැගෙනහිර දුම්රිය ධාවනයට බාධා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හබරණ සහ ගල්ඔය අතර සිදුවූ ගිනි ගැනීම් හේතුවෙන්, නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර , දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ  ඒ හේතුවෙන් පීලි කිහිපයක් ද ගිනි ගෙන ඇති බවයි.

ගිනි ගැනීමට ලක්වූ පීලි ඉවත් කර අලුතින් පීලි එක් කළ බව ද ,ගිනි ගැනීම්වලදී එම අවස්ථාවට අනුව සුදුසු පියවර ගන්නැයි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

තවද , මීට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආසන්නයේ ද ගිනි ගැනීම් වාර්තා වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ අතර රක්ෂිත ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි බවයි.

ඊයේ රාත්‍රිය වනවිට යහන්ගල, නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වූ බව එහි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ ,

ඒ හේතුවෙන් යහන්ගල රක්ෂිතයේ හෙක්ටයාර 500 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 170 ක් සහ නුවරඑළියේ හෙක්ටයාර 25 ක් විනාශ වී ඇති බව සඳහන් .

හපුතලේ තංගමලය, මහියංගනය, සොරබොරවැව ,හල්දුම්මුල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වන බව බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදය කුමාර මහතා සඳහන් කළේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...