*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ගොවීන්ට ජලය මුදා හැරීමට ගත් තීරණය කල ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ස්තුතියි – නාමල් රාජපක්ෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නියගයෙන් පීඩාවට පත් ගොවීන්ට  සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට ගත් තීරණය වෙනුවන් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට තමා ස්තුති කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.ඒ වගේම මේ ගොවීන් වෙනුවෙන් හඩනැගූ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාටම ස්තුති කරන බව  රාජපක්ෂ මහතා  වැඩිදුරටත් පැවසීය.

නියගයෙන් පීඩාවට පත්ව තම වගාවන් හානි වූ ගොවීන්ටත් සහන ලබා දීමට කටයුතු කරන ලෙසටත් නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම  ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිලිබදවත් නාමල් රාජපක්ෂ මහතා සිය සතුට හා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය.

නියගය පිලිබදව නිවැරැදි තක්සේරුවක් කර එයින් වන හානි අවම කර ගැනීමට හා නිසි කලමණාකාරීත්වයක් පවත්වාගෙන යාමට කටයුතු කලයුතු බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රීලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා තමා සූදානම් බවද ප්‍රකාශ කලේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan