කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 10 වැනිදා විවාදයකට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සැප්තැම්බර් 10 වැනිදා මුල්වරට රුපවාහිනී විවාදයකට සිය කැමැත්ත පළකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ප්‍රේක්ෂකයින් සහ ස්ථාන ඇතුළු තොරතුරු තවම සකස් වෙමින් පවතියි.

ජුනි මාසයේදී ට්‍රම්ප් සහ බිඩෙන් අතර පැවති පළමු ජනාධිපති විවාදය නැරඹීමට මිලියන 51 කට වැඩි පිරිසක් පැමිණ සිටි අතර එහිදී බයිඩන්ගෙන් දක්නට ලැබුණු දුර්වල කාර්ය සාධනය සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වන තැනටම හේතු විය.

ඩිමොක්‍රටික්ස් හා රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙනෙනා අතර දොලනයව පැවති සමහර ප්‍රාන්ත වල බහුතර මතය මේ වන විට හැරිස් වෙතට නැඹුරු වෙමින් පවතින බව වාර්තා වන අතර Reuters/Ipsos සමීක්ෂණයට සාපේක්ෂව හැරිස් ට්‍රම්ප්ට වඩා 37% සිට 34% දක්වා ඉහළින් සිටින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...